Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ස්ථාන පරිශ‍්‍ර තුළ සිඟමන් යැදීම තහනම් කෙරේ

ලබන ජූලි මස පළමු වැනිදා සිට දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්ථාන පරිශ‍්‍ර තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ පිළිබද කරුණු දක්වන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පෙන්වා දුන්නේ දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා සහ බලපෑම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

දුම්රියේ සිඟමන් යදින ඇතැම් යාචකයින් දුම්රිය මගීන්ගේ භාණ්ඩද සොරකම් කර ඇති බවටද පැමිණිලි ලැබී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

Source – NethNews

single