Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

උඩරට දුම්රිය ධාවනයට බාධා

ඇල්ල සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ වන විටත් එම පස් කඳු ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව වාර්තා වේ.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානයේ ද, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ද නතර කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Source – Adaderanalk
2018-11-05

single