Green Island Project | Homagama Railway Station

දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය සේවය හා  මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කිරීම හා දුම්රිය ස්ථාන ආශ්‍රිත පරිසරයන් හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරමේ අරමුණින් සංවිධානය කරනු ලබන ” Green Island” වැඩසටහනේ පස්වන් අධියරය පසුගිය පෙබරවාරි 19 දින  අගහරුවාදා දින කැළණිවැළි දුම්රිය මාර්ගයේ  හෝමාගම දුම්රිය ස්ථානයේදී පැවැත්විණ. ඒ සදහා එම සංවිධානයේ (RDMNS) සාමාජිකයන් 120 කට ආසන්න පිරිසකගේත් සහ හෝමාගම ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේත් සහභාගීත්වයෙන්  අතිසාර්ථකව පැවැත්විණ.

මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන්  දුම්රිය සාමාන්‍යාධිකාරී ගරු ඩිලන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී වීමද විශේෂත්වයක් විණ. ඔහුගේ අදහස් දැක්වීම පහතින්.

මම ඇත්තෙන්ම සතුටු වෙනවා තරුණ ඔබ මේ වගේ කාර්යන් වලට සහබාගි වෙලා රට සෞභාග්‍යමත් කරන්නට ඉදිරිපත් වීම ගැන…
දිලන්ත ප්‍රනාන්දු – දුම්රිය සාමාන්‍යාධිකාරී

 

මෙම වැඩසටහනේදී,

  • දුම්රිය ගමන් මාර්ගයේ කැලිකසල ඉවත් කිරීම,
  • දුම්රිය ස්ථාන අවට පරිශ්‍රය පිරිසිදු කිරීමට කටයුතු කිරීම
  • දුම්රිය ස්ථාන ගොඩනැගිලි, දුම්රිය මගී පාලම, දුම්රිය ස්ථාන නාමපුවරු හා දුම්රිය මගී ආසන තීන්ත ආලේප කිරීම,
  • ධාවනය වන දුම්රියන් හා කාලවේලාවන් පිළිබදව වඩාත් පැහැදිලිව අවබෝධ කොට ගත හැකි පරිද්දෙන් සතියේ දින, සෙනසුරාද හා ඉරිදා දින වශයෙන් වෙන් කොට දක්වමින් හා  සිත් ගන්නා සුළු අන්දමින් අංගසම්පූර්ණ දුම්රිය කාලසටහන් පුවරුවක් ස්ථාපනය කිරීම
  • දුම්රිය සේවයේ අවශ්‍යතාවන් මත මගී ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අවවාදාත්මක දැන්වීම් පුවරු එල්ලීම,
  • ප්‍රධාන පිළිගැනීමේ පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සහ දුම්රිය ප්‍රවේශපත් කවුළු පුවරු සවි කිරීම හා එම කවුළු නවීකරණය  කිරීම,
  • ” තුරු” පරිසර සංවිධානය හා එක්ව දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල ඵලදායී රුක් රෝපණය කිරීම සහ විසිතුරු මලින් යුත් මල් බඳුන් එල්ලීම,
  • ධාවනය වන දුම්රියන් පිළිබදව දුම්රිය ස්ථානය මගින් කරනු ලබන නිවේදනයන් පූර්ව පටිගත කිරීමකට ලක් කොට ඒවා පරිගණක යන්ත්‍රානුසාරයෙන් මගීන්ට නිවේදන ලබාදීමට කටයුතු කිරීම,
  • Pureit ජල පෙරණ යන්ත්‍රයක් ලබාදීම,
  • අරුත්බර පොත්පත් වලින් යුත් නිදහස් පුස්තකාලය පරිශ්‍රයක් විවෘත කිරීම,
  • දුම්රිය ස්ථාන කාර්‍යාලය වෙත අවැසි උපකරණ හා වැසිකිළි සඳහා අවැසි සනීපාරක්ෂක උපකරණ ලබාදීම සිදු කරන ලදී.

ITN පුවත් හරහා 2019-02-21 දින වැඩසටහන පිළිබඳව විකාශය කල අයුරු.

Message from Mr.Hasanka Padukka

Co Founder Thuru.lk

මෙම වැඩසටහනේ සමස්ත වටිනාකම රු. ලක්ෂ 04කට ආසන්න වන අතර ඒ සඳහා දායකත්වය Thuru පරිසර සංවිධානය , Wide Vision ආයතනය, Neo Graphics ආයතනය , Unilever යන ආයතන සහ RDMNS කැලණිවැලි මාර්ගයේ මගී එකමුතුව ඇතුළු අනෙකුත් සියළු දුම්රිය මාර්ගයන් වල මගී එකමුතු විසින් ලබාදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *