Rail Shutter Season III – Session 1

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු RDMNS Rail Shutter ඡායාරූප තරඟාවලියේ තුන්වන අදියරේ පළමු වාරය උදාවුනා…..
පළමු වාරය අදින් (2019-10-20) ආරම්භ වන අතර ඡායාරූප බාරගන්නා අවසාන දිනය 2019-10-31 වන දිනෙන් අවසන් වේ.
ජයග්රාහකයා 2019-11-03 වන දින ප්රසිද්ධියට පත් කෙරේ.
තරඟාවලියට ඇතුලත් වීම සඳහා
අප සමූහයේ Facebook පිටුව Like සහ Share කර, Youtube Channel එක Subscribe කර සහ Share කර තිබිය යුතු වේ.
RDMNS Youtube
* තරඟාවලියේ ප්රථම ස්ථානයට Leisure World හි නොමිලේ සවාරියක් , තිළිණයක් හා වටිනා සහතික පතක් පිරිනැමේ.
* දෙවැනි සහ තෙවැනි ස්ථාන සදහා වටිනා සහතික පතක් සහ තිළිණයක් ද ,
*සිව්වන හා පස්වන ස්ථාන සදහා වටිනා සහතික පතක් ද පිරිනැමේ.
තරඟයේ නීති රීති• ඡායාරූපය ඔබ විසින් ලබාගත් එකක් විය යුතුයි.• ඡායාරූප මෙහි කමෙන්ට් ලෙස ඇතුලත් කරන්න
• මෙම පෝස්ට් එක Share කර තිබිය යුතුයි.!
• එක් අයෙකුට ඡායාරූප 3 ක් එක් වාරයක් සඳහා ඉදිරිපත් කල හැකියි.
• මාතෘකාවට අදාලව පමණක් ඡායාරූප ඉදිරිපත් කරන්න.
• ඕනෑම වයස් කාණ්ඩයකින් තරඟ කල හැක.
• සංස්කරණය කල ඡායාරූප සඳහා වලංගු වන්නේ වර්ණ සංස්කරණ පමණයි.
(Colour graded images are allowed and manipulated images are not allowed)
සුභ පැතුම්.!
රටවටා දුම්රිය මගින්ගේ නිල සමූහය
2019-10-20