Rail Shutter Season III – Session 1

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු RDMNS Rail Shutter ඡායාරූප තරඟාවලියේ තුන්වන අදියරේ පළමු වාරය උදාවුනා…..පළමු වාරය අදින් (2019-10-20) ආරම්භ වන අතර ඡායාරූප බාරගන්නා අවසාන දිනය 2019-10-31 වන දිනෙන් අවසන් වේ.ජයග්‍රාහකයා 2019-11-03 වන දින ප්‍රසිද්ධියට පත් කෙරේ. තරඟාවලියට ඇතුලත් වීම සඳහා අප සමූහයේ Facebook පිටුව Like සහ Share කර, Youtube Channel එක Subscribe කර සහ Share

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද දින (10/07) අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව දුම්රිය ධාවනය නැවත යතා තත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවන බැවින් සවස් කාලයේ දුම්රිය ධාවන තොරතුරු පෙර ලෙසම සමූහය තුල යාවත්කාලීන කිරීම සිදුකෙරෙනු ඇත

දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාව ඇරඹේ

මරදාන සිට බෙලිඅත්ත දක්වා දිනපතා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් 2019-09-24 දින සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එම දුම්රිය දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබේ. එහි කාලසටහන පහත පරිදි වේ. – දුම්රිය අංක 8054 මරදාන දුම්රිය ස්ථානයෙන් 2019-09-24 වන දින ප.ව.03.00 ට ගමන් ආරම්භ කරන අතර ප.ව.06.05 ට බෙලිඅත්ත

කොළඹ කොටුව – කන්කසන්තුරේ අතර “ශ්‍රී දේවි” නමින් නගරාන්තර දුම්රිය සේවාවක්

කොළඹ කොටුව සිට වවුනියාව දක්වා මෙතෙක් ධාවනය වූ අංක 4003 හා 4004 දරණ සීඝ්‍රගාමි දුම්රිය ගමන් වාරයන් 2019 සැප්තැම්බර් 05 වන දින සිට කන්කසන්තුරේ දක්වා දිගු කරමින් “ශ්‍රී දේවි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය” ලෙසින් ධාවනයට එක් වීමට නියමිත වේ. දුම්රිය අංක 4003 (කොළඹ කොටුව සිට කන්කසන්තුරේ) ගමනාරම්භය කොළඹ කොටුව – ප.ව. 3/55ගමනාන්තයකන්කසන්තුරේ – රාත්‍රී 10/16 එම

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය වේ

2019.08.01 දින සිට 🚂 දිනපතා මරදාන සිට මාතර දක්වා ධාවනය වන රුහුණු කුමාරි (අංක 8058 දරණ) සීඝ්‍රගාමී දුම්රිය හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලැබේ. 🚂 සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා දින) මරදාන සිට පෙ.ව.06.05 මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාමී දුම්රිය සහ මාතර සිට ප.ව.04.00 ට මරදාන දක්වා ධාවනය වන අංක 8061 දරණ සීඝ්‍රගාමී

රාත්‍රී තැපැල් දුම්රියන් 8ක් අවලංගු කෙරේ

පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (2019-07-20) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් 8 ක් අවලංගු කර ඇත. ඒ අනුව කොළඹ කොටුව සිට, කන්කසන්තුරේ මඩකලපුව තලෙයිමන්නාරම ත්‍රිකුණාමලය බලා ධාවනය වන වීමට නියමිතව තිබූ සහ එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියන් 4 ද

දුම්රිය වර්ජනය අවසන්

27 දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද පැය 24 දුම්රිය වැඩවර්ජනය අවසන් කර අැති අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇත. ධාවන කටයුතු සාමාන්‍ය තත්වයට පත් වන තුරු දුම්රිය ප්‍රමාදයන්, අවලංගුවීම් සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

අනුරාධපුර – මිහින්තලේ අතර නොමිලේ ගමන් පහසුකම්.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මස 15, 16 හා 17 දිනයන් තුල පොසොන් වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය හා මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වේ.ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ හා තන්ත්‍රී පෞද්ගලික සමාගමේ බැතිබර අනුග්‍රහය යටතේ අනුරාධපුරය හා මිහින්තලේ අතර ගමන් ගන්නා බැතිමතුන් වෙත නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාවක් හිමි වනු ඇත.

දුම්රිය පාර්සල් ප්‍රවාහන සේවය ආරක්ෂාකාරී පියවර සමඟ නැවතත්

2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක විධිවිධාන මත තාවකාලිකව අත්හිටුවණු ලැබූ දුම්රිය පාර්සල් ප්‍රවාහන සේවය, 2019 ජූනි මස 01 වෙනි දින පටන් යළිත් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව පාර්සල් ප්‍රවාහනය සඳහා බාර දීමේදි ඒ තුල අඩංගු වන භාණ්ඩ හා අයිතමයන්