Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය මැදිරි තුළ විනාශකාරී ක්‍රියා වැළැක්වීමට පියවර

දුම්රිය මැදිරි තුළ සිදුවන විනාශකාරී ක්‍රියා වැළැක්වීමට අද සිට සිවිල් ඇඳුමින් සැරසුණු දුම්රිය ආරක්ෂක නිළධාරීන් යෙදවීමට පියවර ගෙන තිඛෙනවා. දුර ගමන් සේවා සඳහා ඔවුන් ප්‍රථමයෙන් අනුයුක්ත කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ.

කිසියම් අයෙකු මෙම විනාශකාරී ක්‍රියාවල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පණත යටතේ සිර දඩුවම් ලබාදීමට සහ සිදුවූ අලාභය අයකර ගැනීමට කටයුතු කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලා. දුම්රිය සේවය රැකගැනීම රජයේ මෙන්ම මහජනතාවගේද යුතුකමක් සහ වගකීමක් බවයි ප්‍රවාහන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මේ අතර දුම්රිය මැදිරි 200ක් නවීකරණය කෙරෙන වැඩසටහන යටතේ නවීකරණය කරන ලද තවත් දුම්රිය මැදිරි පෙළක් අද දින (2) උදෑසන 7 ට මාතර බලා ධාවනය කරනු ලැබුවා.

චායාරූප – Anton Jude – RDMNS News Team

Source – NewsRadioLK
RDMNS24 News