Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය අනතුරින් තුවාල ලැබූවන් සඳහා වන්දි

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරින් තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයින් දුම්රිය සේවය වෙත කරනු ලැබූ පැමිණිලිවලට අනුව එම මුදල් ගෙවීමේ කටයුතු සිදු කරන බව වාර්තා විය.

ඊට අමතරව අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ලබන සතියේ ඔවුන් ප්‍රතිකාර ලැබූ රෝහල්වලට නිලධාරියෙකු යැවීමට ද කටයුතු යොදා තිබේ.

පසුගිය 06 වනදා පස්වරුවේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ඊට පිටුපසින් පැමිණී කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදු විය.

අනතුරින් පුද්ගලයින් 32 කට අධික පිරිසක් තුවාල ලැබුවේය.

2018-08-17

single