Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

රාගමදී දුම්රියේ ගැටී 2 ක් මරුට

මහනුවර සිට මාතර දක්වා ධාවනය වු සියනෑ කුමාරි දුම්රියේ පුද්ගලයින් කිහිප දෙනෙක් ගැටීමෙන් අද (27) උදෑසන 7.55ට පමණ අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය ප්‍රමාද වූ අතර අනතුරට ලක් වු පුද්ගලයින් බරපතළ තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

දුම්රිය හරස්මාර්ග වලදී සෑම විටම ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. තත්පර කිහිපයක් වෙනුවෙන් ඔබගේ වටිනා ජීවිතය අනතුරේ නොහෙලීමට වග බලාගන්න. දුම්රිය හරස් මාර්ග සංඥා ක්‍රියාත්මක වන විට ඒ හරහා ගමන් කිරීමෙන් වලකින්න..!

RDMNS Safety First දැනුවත් කිරීමක්…!