Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නව මැදිරි 160ක් ගෙන්වීමට අත්සන් තැබේ

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දුම්රිය මැදිරි එකසිය හැටක් ලබා ගැනිම සදහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුනා.

ඉන්දියානු ණය සහන ව්‍යාපෘතිය යටතේ දුම්රිය මැදිරි එකසිය හැටක් මිලදී ගැනෙන මෙම ගිවිසුම ප්‍රවාහන හා සිවිල් ගුවන් අමාත්‍යාංශයේ ලේකම් ජී එස් විතානගේ මහතා සහ එම දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනය වන ඉන්දියානු රයිට් සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතොර් අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී අත්සන් කෙරුණා.

මෙම දුම්රිය මැදිරි එකසිය හැටට

ආසන අනූවක් සහිත තුන්වන පන්තියේ මැදිරි හතළිස් එකක්,
ආසන හැට හතරක් සහිත දෙවන පන්තියේ මැදිරි හතළිස් එකක්,
ආසන පනහක් සහිත තුන්වන පන්තියේ නියාමක මැදිරිය සහිත මැදිරි දාහතක්,
ආසන තිස් අටක් සහිත දෙවන පන්තියේ නියාමක මැදිරි අටක්,
ආසන පනස් අටක් සහිත භෝජනාගාර මැදිරි දහතුනක්,
ආසන පනහක් සහිත වායුසමනය කරන ලද මැදිරි තිස් පහක් සහ
භාණ්ඩ ප්‍රවාහනය සදහා මැදිරි පහක් අයත් වනවා.

වායුසමනය කරන ලද මැදිරි තුළ නවීන තාක්ෂණයෙන් යුතු ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහ මගීන්ට අවශ්‍ය GPS තාක්ෂණය ද, භෝජනාගාර ඇතුළත මගීන්ට අවශ්‍ය උදුන්ද සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

Source – ITN_NewsLK

single