Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ශ්‍රමදානය සාර්ථකව අවසන් කරන ලදී.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී සුරකිමු දුම්රිය සංවිධානය, දුම්රිය මගින්ගේ නිල Facebook සමුහය සහ අනිකුත් සංවිධාන ඒකරාශිව පවත්වන ලද ශ්‍රමදානමය වැඩසටහන සාර්ථකව නිම වන ලදී. මෙම වැඩසටහනේදී,

> දුම්රිය ස්ථානය අවට පිරිසිදු කිරීම

> නිදහස් දුම්රිය පුස්තකාලය විවෘත කිරීම

> අනිසි ලෙස කැලි කසල බැහැර කිරිම පිළිබඳව දැන්විම් පුවරු මගින් මගී ජනතාව දැනුවත් කිරීම

> පදික වේදිකා ගොඩනැගීමට අවශ්‍යය ගල් වේදිකා මතට හුවමාරු කිරීම මෙන්ම රුක් රෝපන වැඩසටහනක්ද මීට සමගාමීව සිදු කරන ලදී.

මීට අමතරව මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සියලුම ප්‍රවේශපත් කාර්යාල වල දැන්වීම් පුවරු දුම්රිය මගීන්ගේ නිල facebook සමූහයේ පරිත්‍යාගයක් ලෙස සවි කිරීමට නියමිතයි.

මේ සඳහා සහයෝගය ලබා දුන් වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් මහත්මා, සුරකිමු දුම්රිය සංවිධානයේ රුවන් පතිරණගේ මහතා ඇතුළු සහය ලබාදීමට පැමිණි සියලුම RDMNS සමාජිකයන්ට සහ අනෙකුත් පිරිසට විශේෂ ස්තුතිය පිරිනමන්නෙමු.

#RDMNS #SurakimuDumriya
2018-10-07

single