Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නව දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා පිලිගැනීමේ උත්සවය

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත්වූ ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ සංවිධානය කර තිබූ පිලිගැනීමේ උත්සවය අද (ඔක්තෝබර් 06) දහවල් හලාවත දුම්රිය ස්ථානයේදී පවත්වන ලදී..

ඉදිරියේදී අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා දුම්රිය මගින් කසළ ප්‍රවාහනය කිරීම නිසා අැති වන තදබදය වළක්වා ගැනීමට හලාවත දුම්රිය ස්ථානයේ සිදුකලයුතු වෙනස්‌කම් පිළිබඳව මෙහිදී සොයාබැලුනා.

2015-2035 අාසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන දුම්රිය නවීකරණය වැඩසටහන යටතේ, දැනටමත් සන්නිවේදන පද්ධතිය හා නවීන ඉලෙක්ට්‍රොනික ටිකට්පත් පද්ධතියක් සඳහා ටෙන්ඩර් කැඳවා අැති බවද. නව මාර්ග කිහිපයක් ඉදිකිරීම, විදුලිකරනය අැතුළු විශාල ව්‍යාපෘති රාශියක් ඉදිරියේදී දුම්රිය සේවය තුළ සිදුවන බව ඔහු සඳහන් කරන ලදී..

මීට අමතරව අද සවස හලාවත කාර්මෙල් අාසන දෙව්මැදුරේදී විශේෂ දිව්‍ය පූජාවක් සමග පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

#RDMNS වෙනුවෙන් Trishan Perera
2018-10-06