Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

Green Island V – හෝමාගම දුම්රිය ස්ථානය

එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 70,000 කට ආසන්න සාමාජික පිරිසකගෙන් සමන්විත (www.rdmns.lk) දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය සේවය හා මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කිරීම හා දුම්රිය ස්ථාන ආශ්‍රිත පරිසරයන් හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරමේ අරමුණින් සංවිධානය කරනු ලබන ” Green Island” වැඩසටහනේ පස්වන් අධියරය පසුගිය පෙබරවාරි 19 දින අගහරුවාදා දින කැළණිවැළි දුම්රිය මාර්ගයේ හෝමාගම දුම්රිය ස්ථානයේදී පැවැත්විණ.

ඒ සදහා එම සංවිධානයේ (RDMNS) සාමාජිකයන් 120 කට ආසන්න පිරිසකගේත් සහ හෝමාගම ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේත් සහභාගීත්වයෙන් අතිසාර්ථකව පැවැත්විණ.

මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ගරු ඩිලන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී වීමද විශේෂත්වයක් විණ.

මෙම වැඩසටහනේදී,

> දුම්රිය ගමන් මාර්ගයේ කැලිකසල ඉවත් කිරීම,

> දුම්රිය ස්ථාන අවට පරිශ්‍රය පිරිසිදු කිරීමට කටයුතු කිරීම,

>දුම්රිය ස්ථාන ගොඩනැගිලි, දුම්රිය මගී පාලම, දුම්රිය ස්ථාන නාමපුවරු හා දුම්රිය මගී ආසන තීන්ත ආලේප කිරීම,

> ධාවනය වන දුම්රියන් හා කාලවේලාවන් පිළිබදව වඩාත් පැහැදිලිව අවබෝධ කොට ගත හැකි පරිද්දෙන් සතියේ දින, සෙනසුරාද හා ඉරිදා දින වශයෙන් වෙන් කොට දක්වමින් හා සිත් ගන්නා සුළු අන්දමින් අංගසම්පූර්ණ දුම්රිය කාලසටහන් පුවරුවක් ස්ථාපනය කිරීම,

> දුම්රිය සේවයේ අවශ්‍යතාවන් මත මගී ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අවවාදාත්මක දැන්වීම් පුවරු එල්ලීම,

> ප්‍රධාන පිළිගැනීමේ පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සහ දුම්රිය ප්‍රවේශපත් කවුළු පුවරු සවි කිරීම හා එම කවුළු නවීකරණය කිරීම,

> ” තුරු” පරිසර සංවිධානය හා එක්ව දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල ඵලදායී රුක් රෝපණය කිරීම සහ විසිතුරු මලින් යුත් මල් බඳුන් එල්ලීම,

> ධාවනය වන දුම්රියන් පිළිබදව දුම්රිය ස්ථානය මගින් කරනු ලබන නිවේදනයන් පූර්ව පටිගත කිරීමකට ලක් කොට ඒවා පරිගණක යන්ත්‍රානුසාරයෙන් මගීන්ට නිවේදන ලබාදීමට කටයුතු කිරීම,

> Unilever Pureit ජල පෙරණ යන්ත්‍රයක් ලබාදීම,

> අරුත්බර පොත්පත් වලින් යුත් නිදහස් පුස්තකාලය පරිශ්‍රයක් විවෘත කිරීම,

> දුම්රිය ස්ථාන කාර්‍යාලය වෙත අවැසි උපකරණ හා වැසිකිළි සඳහා අවැසි සනීපාරක්ෂක උපකරණ ලබාදීම මෙහිදී සිදු කරන ලදී.

මෙම වැඩසටහනේ සමස්ත වටිනාකම රු. ලක්ෂ 04කට ආසන්න වන අතර ඒ සඳහා දායකත්වය Thuru පරිසර සංවිධානය , Wide Vision ආයතනය, Neo Graphics ආයතනය , Unilever යන ආයතන සහ RDMNS කැලණිවැලි මාර්ගයේ මගී එකමුතුව ඇතුළු අනෙකුත් සියළු දුම්රිය මාර්ගයන් වල මගී එකමුතු විසින් ලබාදෙන ලදි.

මෙහි සම්පූර්ණ වීඩියෝ වැඩසටහන www.rdmns.lk/youtube වෙත පිවිසීමෙන් නැරඹිය හැක.

චායාරූප – Sadeep Sasanka Photography
www.rdmns.lk