Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා – පොසොන් වන්දනා සමය

එළඹෙන පොසොන් සමය නිමිති කර ගනිමින් ලබන සිකුරාදා (ජූනි 14) සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එක් කිරීමට කටයුතු යොදන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

ඒ අනුව ජූනි මස 14 වන සිකුරාදා ප.ව 12.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මිහින්තලය දක්වා එහි මුල්ම ගමන් වාරය ආරම්භ වනු ඇත.

ඊට අමතරව පොසොන් පොහෝ දිනයේ ද සැඳැහැවතුන්ගේ පහසුව උදෙසා විශේෂ දුම්රියන් 03ක් අනුරාධපුරය දක්වා ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සලසා ඇති බව පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ධාවනය වීමට නියමිත කාල සටහන ඉහත දැක්වේ.

මීට සමගාමීව ජූනි මස 14 වන දින බෙලිඅත්තේ සිට කන්කසන්තුරේ දක්වා පිරිත් සජ්ජායනාවක් මධ්‍යයේ ධාවනය වන විශේෂ දුම්රියක් යෙදවීමට ද කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

#rdmns24

single