Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | සීනිගම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවය

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා – 2019 ඉහත සියලුම දුම්රියන් අගෝස්තු මස 29 වන බ්‍රහස්පතින්දා දින සිට සැප්තැම්බර් 05 වන බ්‍රහස්පතින්දා දින දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ. Special Thanks :- Lahiru Thenuwara / Gayan Devapriya / Romesh Pradeep #Special_Train_Notice #SLR #RDMNS

විශේෂ දුම්රිය සේවා – තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය

තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය හා රෝගීන් ආශිර්වාද කිරීමේ විශේෂ දේවමෙහෙය වෙනුවෙන් 2019 අගෝස්තු මස 25 වන ඉරුදින ධාවනය වන විශේෂ දුම්රියන් හා සියලු දේවමෙහෙය වේලාවන්. කොඩිගස එසවීම අගෝස්තු 18 වන දින උදේ 8.30 අගෝස්තු 19 සිට 24 දක්වා උදේ 5.30 ට ජපමාල උච්චාරණය උදේ 7.30 ට දිව්‍ය පූජාව ( නිර්මල දේවමාතා දෙව්මැදුරේ හෙවත්

ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධනයට රුපියල් මිලියන 28 980ක්

මෙරට දුම්රිය සේවාවේ යෝධ සංවර්ධනයකට මුල පුරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 161ක් ලබා දෙයි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 28 980කි. එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප්‍රදානයක් වේ. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160 වසර අටක ණය ආපසු ගෙවීමේ සහන සීමාවක් සමඟ සියයට 0.5 (+ LIBOR) ක පොලියකට

විශේෂ දුම්රිය සේවා | අගෝස්තු පාසල් නිවාඩු සමය

අගෝස්තු මස පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කීපයක් ධාවනයට එකතු කරන ලද අතර එහි මගී තදබදය අවම කිරීමට තවත් එක් දුම්රියක් ධාවනයට එක් කර තිබේ. මෙම විශේෂ දුම්රිය අගෝස්තු මස 09 සිට 14 දක්වා ධාවනය වන අතර කොළඹ කොටුවෙන් රාත්‍රී 07.20 ට ගමන් ආරම්භ කර පසුදින අලුයම 04.43 ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවේ.

RDMNS ලේ දන්දීමේ වැඩසටහන 2019

රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය සහ ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව පවත්වනු ලබන RDMNS රුධිර දාන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්… 2019 අගෝස්තු මස 17 වන සෙනසුරාදා දින උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 05 , නාරාහේන්පිට , ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඒ සදහා සහභාගි වී, රුධිර පරිත්‍යාග කිරීම සඳහා

විශේෂ දුම්රිය සේවා – ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය 2019

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත. ඒ අනුව, අගෝස්තු මස 10 සිට 15 දක්වා මෙම විශේෂ දුම්රියන් ධාවනය වන අතර එහි වේලාවන් ඉහත පරිදි වේ. මෙම දුම්රියන් නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය දුම්රිය සහ දුම්රිය ස්ථානය

අගෝස්තු පාසල් නිවාඩු සමය – විශේෂ දුම්රිය සේවා

අගෝස්තු පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබේ. මෙම විශේෂ දුම්රිය S12 වර්ගයේ දුම්රියක් ආධාරයෙන් ධාවනය කෙරෙන අතර මෙය වායුසමනය කරන ලද එක් මැදිරියක්ද, දෙවැනි පන්තියේ මැදිරි 04ක් සහ තෙවැනි පන්තියේ මැදිරි 04 කින්ද සමන්විත වේ. මෙම විශේෂ දුම්රියෙහි කාලසටහන පහත අයුරින් සකස් කර ඇත. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා කොළඹ කොටුව

දුම්රියේ අප්‍රකට විත්ති

ඔබත් දුම්රිය ඉතිහාසය පිළිබඳව ගවේෂණයට ඇල්මක් දක්වන අයෙක්ද ? “දුම්රියේ අප්‍රකට විත්ති” ග්‍රන්ථයෙහි මෙරට දුම්රිය සේවාවේ ඉතිහාසයේ එතරම් ප්‍රකට නොවූ සිදුවීම් රැසක තොරතුරු ඇතුලත්ව ඇත. මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ වී නොමැති, දුම්රිය සේවාව සම්බන්ධ පැරණි දුර්ලභ ඡායාරූප ද සමග ඡායාරූප සියයකට අධික සංඛ්‍යාවක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතවේ. මෙම ග්‍රන්ථයේ නව පිටපත් (3rd print) දැන් පහත ස්ථාන