Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

2020.04.20 දුම්රිය ධාවනය සිදුවන අයුරු

2020.04.20 දින දුම්රිය ධාවනය සිදුවන්නේ පහත පරිදි වේ

මහනුවර – පොල්ගහවෙල
මහව සන්ධිය – පොල්ගහවෙල
බෙලිඅත්ත – ඉඳුරුව
ගාල්ල – ඉඳුරුව

මෙම දුම්රියන් 4 ම උදෑසන 06.00 ට ගමන් ආරම්භ වේ.
සවස නැවත පිටත් වෙන වෙලාව පසුව බලාපොරොත්තු වන්න.

2020.04.20 / 21 දින ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමකින් තොරව නොමිලේ දුම්රිය මගීන්ට ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දැනුම් දී ඇත. තවද මාර්තු මස මිලදීගත් වාර ප්‍රවේශපත් අප්‍රේල් මස සඳහාද වලංගු කර ඇත.

රටේ සෞඛ්‍ය අංශවල තීරණ හා දැනුම්දීම් මත අදාල හදිසි තීරණ මෙලෙස ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

— විශේෂ නිවේදනයයි

දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී, දුම්රිය වේදිකාවේ රැඳී සිටීමේදී හා දුම්රිය මැදිරි තුළදී මීටරයක් දුර පවත්වා ගත යුතුය.

දුම්රිය මැදිරියක එකවර ගමන් කළ හැක්කේ මගීන් 50 කට පමණක් වන අතර සියලු දෙනා මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි.

දුම්රිය ස්ථාන පරිශ්‍රයේ, දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ගයට කෙල ගැසීම සම්පුර්ණයෙන්ම තහනම්.

කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇති පුද්ගලයෙක් නම් දුම්රිය සේවය භාවිතා නොකරන්න.

දුම්රිය මැදිරි හා පරිශ්‍රය තුළ සිඟමන් යැදීම හා අනවසර වෙළඳාම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.

මෙම තීරණාත්මක අවස්ථාවේ මෙම උපදෙස් තරයේ ක්‍රියාත්මක කරමින් සේවාවන් පවත්වාගෙන යාම සඳහා මගී ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු !

2020.04.19 | 08.40 PM
#rdmns #newsupdate