Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මගී ජනතාව වෙත සිදු කරනු ලබන නිවේදනයයි !

2020.05.18 දින සිට 22 වන දින දක්වා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මහනුවර / මහව / බෙලිඅත්ත / අවිස්සාවේල්ල / හලාවත – කොළඹ කොටුව සහ මරදාන කේන්ද්‍ර කරගනිමින් උදෑසන දුම්රිය 19 ක් සහ සවස දුම්රිය 19 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම දුම්රියන් වල ගමන් කිරීම සඳහා මේ වන විට හඳුන්වාදී ඇති Online ක්‍රමයට අයදුම් කර ආසන වෙන්කරවා ගත් මගීන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර එම ක්‍රමයට අයදුම් කල මගීන්ට දුම්රියෙන් ඔවුන් ගමන් කිරීමට නියමිත දිනට පෙර දින ඔවුන්ගේ වෙන් කිරීම් වලට අදාළ SMS කෙටි පණිවිඩය ඔවුන්ගේ ජංගම දුරකථනය වෙත ලැබෙනු ඇත. මීට අමතරව අදාළ කෙටි SMS පණිවිඩය නොලැබුණේ නම් තම ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියා වෙතින් ඒ සම්බන්ධව විමසීම් කරන ලෙසත් මේ සම්බන්ධව සිදු කරන සියලුම විමසීම් එම නිලධාරියා මගින් පමණක් සිදු කිරීමට කටයුතු කරන්න.

Online ක්‍රමයට ආසන වෙන් කර නොගත් මගීන් සඳහා ධාවනයට නියමිත දුම්රියන් වල සීමිත ආසන ප්‍රමාණයක් ලබාදීමට නියමිත අතර එම ආසන, මගීන් දුම්රිය ස්ථානයට පැමිණෙන අනුපිලිවෙල මත ලබාදෙනු ලැබේ. ඔබ ගමන් ආරම්භ කරන දුම්රිය ස්ථානයේ ස්තානාධිපති වරයාගෙන් මෙලෙස ලබාදෙන ආසනය සම්බන්ධව විමසීම් කරන්න. මෙම පහසුකම ලබාදෙනු ලබන්නේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ආයතන විසින් කැඳවීම සිදු කල බවට ආයතන ප්‍රධානියාගේ ලිපියක් හෝ ජංගම දුරකතනයට ලැබුණු Email පණිවිඩයකින් තහවුරු කිරීමක් සිදුකරන අයට පමණි.

දුම්රියෙන් ගමන් කරන සියලුම ආකාරයේ වෙන් කිරීම් සිදු කල මගීන් වෙත 2020 මාර්තු මාසයට අදාළ වාර ප්‍රවේශ පත්‍රය තිබිය යුතු අතර එම වාර ප්‍රවේශ පත්‍රය නොමැති සියලුම මගීන් අදාළ ගමන සඳහා යාම්-ඊම් ප්‍රවේශපත්‍රයක් (Return Ticket) මිලදී ගත යුතු වේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් මේ අවස්ථාවේ කොළඹ කොටුව සහ මරදාන කේන්ද්‍ර කරගෙන විශේෂ දුම්රිය ධාවනය කරන අතර පෞද්ගලික කටයුතු සඳහා දුම්රියේ ගමන් කිරීමට හෝ ඒ සඳහා විමසීම් කිරීමෙන් වැලකී සිටින්න.

වී.එස්. පොල්වත්තගේ මහතා.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව.
2020.05.16