තාවකාලික දුම්රිය කාලසටහන් සංශෝධන
SCHEDULE CHANGE – TRIAL
2020/07/01 සිට 2020/07/14 දක්වා සති දෙකක කාලයක් තාවකාලිකව මුහුදුබඩ මාර්ගයේ පහත සංශෝධන සිදු කර ඇත.
සංශෝධිත ආරම්භක වේලාවන් ඉහත චායාරූපයේ ඇතුලත් කර ඇති අතර අනෙකුත් සංශෝධන පහත පරිදි වේ.
o පෙ.ව. 04/30 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. එම දුම්රිය නැවත පෙ.ව. 06/00 ට වාද්දුව සිට කොළඹ කොටුව සහ රාගම දක්වා ධාවනය වේ.
o පෙ.ව. 03/15 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය ගාල්ල සිට මරදාන දක්වා මන්දගාමී ව ධාවනය වේ.
o පෙ.ව. 05/10 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල සිට අළුත්ගම දක්වා මන්දගාමී ව ධාවනය වේ.
o සතියේ දිනවල පෙ.ව. 05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙර පරිදි හික්කඩුව සිට අළුත්ගම දක්වා සීඝ්‍රගාමී ව ධාවනය වේ.
o සතියේ දිනවල පෙ.ව. 05/30 ට ගාල්ල සිට දකුණු කලුතර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. එම දුම්රිය නැවත පෙ.ව. 09/35 ට ගල්කිස්ස සිට අළුත්ගම දක්වා ධාවනය වේ.
o ප.ව. 02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල සිට බෙලිඅත්ත දක්වා මන්දගාමී ව ධාවනය වේ.
o පෙ.ව. 06/05 මාතර සිට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ සංශෝධිත වේලාවන්:
හික්කඩුවෙන් පෙ.ව. 07/12
අම්බලන්ගොඩින් පෙ.ව. 07/23
අළුත්ගමින් 07/44,
දකුණු කලුතරින් 08/05
o සතියේ දිනවල පෙ.ව. 07/00 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය දකුණු කලුතර දුම්රිය ස්ථානයෙන් පිටත්වන සංශෝධිත වේලාව පෙ.ව. 07/34
o පෙ.ව. 05/25 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනවලදී ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වන සංශෝධිත වේලාව පෙ.ව. 07/25
o දකුණු කලුතර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 07/57 ට මීගමුව දක්වා ධාවනය වන දුම්රිය රාගම දක්වා මන්දගාමී ව ධාවනය වේ.
#RDMNS #NewsFeed
UPDATED ON 2020.06.30