Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නඩත්තු කටයුතු සඳහා උතුරු දුම්රිය මාර්ගය වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණය 2024.01.07 දින සිට මාස 06 ක කාලයක් සිදු කිරීමට නියමිතව ඇති බැවින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය එම කාලය තුලදී අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. #RDMNS

2023 දෙසැම්බර් නිවාඩු සමය – විශේෂ දුම්රිය සේවා

2023 දෙසැම්බර් මස පාසල් නිවාඩු සමය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.