Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

RDMNS News

බදුල්ල රාත්‍රී දුම්රිය අවලංගු කෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප.ව. 06/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1046 දරණ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 1045 දරණ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියයන් අද දින (2022/08/01) ධාවනය නොවේ. 2022/08/01 #RDMNS #NewsFeed

සංශෝධිත නව දුම්රිය වාර ප්‍රවේශපත් මිල ගණන්

2022.08.01 දින සිට ක්‍රියාත්මක සංශෝධිත දුම්රිය වාර ප්‍රවේශපත් මිල ගණන් ඉහත පරිදි වේ. (කොළඹ කොටුව සිට ගාස්තු සඳහන් කර ඇත.) ඉදිරියේදී සියලුම සාමාන්‍ය / වෙන් කල ආසන / වාර ප්‍රවේශපත් ගාස්තු පහසුවෙන් Search කර ලබාගැනීමට RDMNS Mobile App එක ඔස්සේ අවස්තාව ලබාදීමට නියමිතයි. #RDMNS #NewsUpadate #SeasonTickets 2022.07.29

රාගම ස්ථානාධිපතිවරුන් හට කොවිඩ් වැළඳේ

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් හට කොවිඩ් ආසාධනය වේ. රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගැනීමෙන් අනතුරුව එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බවට දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි. දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතා කරමින් ගමන් පහසුකම් සලසා

ප්‍රවේශපත් නිකුත් කිරීම නැවතත් ආරම්භ වේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු නැවතත් ආරම්භ කර ඇත. Note – නව දුම්රිය ගාස්තු සංශෝධනය මේ වන විට ක්‍රියාත්මක වේ. 2022.07.24 06.00 PM

දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම නවතියි

දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් 2022.07.23 දින ප.ව.06/00 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම දුම්රිය ස්ථාන තුළින් සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇත. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියි. එමෙන්ම දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු සාමාන්‍ය

ආසන වෙන් කිරීමේ හැකියාව දින 14 දක්වා වැඩි කෙරේ.

මෙතෙක් ක්‍රියාත්මක වූ දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ කාලයේ උපරිමය, ගමනට යෝජිත දින සිට දින 07 ක් වූ කාලය නැවත දින 14 ක් ලෙස දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව කලින් ආසන වෙන් කරවාගැනීමේ පහසුකම ගමනට යෝජිත දින සිට දින 14 කට පෙර සිදු කරගැනීමට 2022.07.21 දින සිට හැකියාව

කොරලවැල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ මුහුදු ඛාදනයක්

මුහුදු ඛාදනය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොරලවැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට බලපෑම් එල්ල වී ඇත. එම ස්ථානය ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන් ප්‍රවේශමෙන් ධාවනය කරන අතර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙය පිළිසකර කිරීම සඳහා කටයුතු මේ වන විට සිදු කරමින් පවති. #RDMNS #NewsFeed #RailTrack 2022.07.18

මධ්‍යහන 12න් පසු කොටුව ට දුම්රිය ධාවනය සිදු නොවේ.

අද දින (14) දහවල් 12/00 සිට හෙට පෙ.ව. 05/00 දක්වා ක්‍රියාත්මක ඇඳිරි නිතිය හේතුවෙන් අද දින දහවල් 12/00 සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය වන සියලු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. කොළඹ කොටුව සහ මරදාන සිට වෙනත් ගමනාන්ත කරා ධාවනය වන දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර