වසර 2000 දුම්රිය සේවයට වැදගත් වර්ෂයක් සේ සැලකිය හැකිය. ඉන් එක් හේතුවක් වනුයේ මෙරට දුම්රිය මාර්ගයන් සඳහා සුවිශේෂි සේවයක් සලසනු ඇතැයි සලකා ගෙන්වූ
M9 එන්ජිම මෙරටට ගෙන්වූ වර්ෂය එය වීමයි. ඒ එසේ වුවද එම වසරේම මෙරටට ගෙන්වූ තවත් එක් නිෂ්පාදනයක් වැඩි ප්රසිද්ධියක් නොමැතිව වුවද මෙරට දුම්රිය සේවා යහපත් කිරීමෙහි ලා විශාල සේවාවක් ඉටු කරයි. ඒ S9 වර්ගයේ බලවේග කට්ටලයන්ය.