2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.
- එන්ජින් පන්තිය - M10
- නිශ්පාදිත රට - ඉන්දියාව
- නිපදවූ සමාගම - DIESEL LOCOMOTIVE WORKS-Varanasi
- ගෙන්වූ වර්ෂය - 2011
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turbo
- උපරිම බලය - 2300hp
- උපරිම වේගය - 100kmh
- එන්ජිමේ දිග - 17.2 m
- Axel Arrangement - Co-Co
- බර - ටොන් 120
- වර්ණය -ලා නිල්, කහ සහ තද නිල් පැහැය
- ගෙන්වූ එන්ජින් ගණන - 9 { M10- 3(No 914-916), M10A- 6 (No 940 & 945)}
මෙම එන්ජිමත් අප රටට ගෙන එන්නේ ඉන්දියාවෙ සුප්‍රකට දුම්රිය නිෂ්පාදකයෙක් වන DLW (Diesel Locomotive Waranasi) සමාගමෙන්. ඒ නිසා මෙම එන්ජිමත් ඔබ හොඳන් දැක තිබෙන M8 එන්ජිමට හැඩයෙන් බොහෝ දුරට සමාන බව ඔබට පෙනේවි. හැඩය අතින් මෙන්ම ඇතැම් තාක්ෂණික පිරිවිතරයන් අතිනුත් ඇතැම් සමානකම් තිබෙනවා. මෙහි බලසැපයුම් එන්ජිම ALCO 251B මාදිලියට අනුව සැකසුණු එකක්. එයට හේතුව වන්නේ ඉන්දියානු DLW සමාගම මෙම එන්ජිම නිපදවා තිබෙන්නේ ඔවුන්ට හුරුපුරුදු ALCO අකෘතියට අනුව වීමයි. (වැඩි විස්තර සඳහා M8 ලිපිය කියවන්න)
M10 සහ M10A යනුවෙන් එන්ජින් මාදිලි දෙකක් මෙම M10 එන්ජින් සඳහා දකින්නට ලැබුනත් බඳෙහි වර්ණයේ වෙනස හැරුණු කොට මෙම එන්ජින් දෙකම සියලුම තාක්ෂණික පිරිවිතරයන් වලින් සමානයි. 2011 වසරේදී පළමුව එන්ජින් තුනක් (914-916) මෙරටට ආනයන කරන ලද්දේ උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගනීමට අවශ්‍ය එන්ජින් හිඟය පිරිමසා ගැනීමෙ අරමුණෙන්. පසුව තවත් එන්ජින් 6ක් ආනයනය කරන ලද අතර ඒවා ධාවනයට එක් කරනු ලැබුවේ M10A ධාවන පන්තිය යටතේයි.
එහෙත් මේ ධාවන පන්ති දෙක අතර වර්ණයේ වෙනසක් පමණක් දකින්නට තිබෙනවා. මෙසේ එකම වර්ගයක එන්ජින් ධාවන පන්ති දෙකක් යටතට අයත් වීමට හේතුව ඒවායේ එන්ජින් අංක කාණ්ඩ දෙකකට අයත් වීමයි. (අතරමැදින් S12 පන්තියේ එන්ජින් සඳහා අංක ලැබීම නිසාවෙන්)
|
මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු
ඡායාරූපය - Kasun Mojith |
මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු
තරමක් බරසාර මෙම එන්ජිමේ බලයනම්
M8 එන්ජිමේ බලයට සාපේක්ෂව අඩුයි. එහෙත් මෙහි සිදුකල පරීක්ෂණ ධාවනයේදි මැදිරි 18කින් සමන්විත දුම්රියක් සඳහා යොදා ගැනුනා. කෙසේවුවත් මෙහි ඇති එන්ජින් බලය නිසා අධික ත්වරණය ඇතිකරගත හැකියි.
මෙම එන්ජින් වැඩි වශයෙන් උතුරු නැගෙනහිර මාර්ග වලසහ මුහුදු බඩ මාර්ගයේ ධාවනය සඳහා යොදවනවා. බොගියේ දිග වැඩිකම ආදී ප්‍රශ්ණ ආදිය නිසා කැළණිවැලි මාර්ගයේ සහ මාතලේ මාර්ගයේ (මෙහි දිවෙන්නේ සැහැල්ලු දුම්රියන් පමණයි) ධාවනය කරන්නට හැකියාවක් නැහැ. කෙසේ වුවත් අවශ්‍ය නම් උඩරට මාර්ගයේ මහනුවර දක්වා සහ පේරාදෙණිය හන්දියෙන් ඔබ්බට නාවලපිටිය දක්වාද ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම එන්ජිමක් යොදාගෙන උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ කඩිගමුව දක්වා පරීක්ෂණ ධාවන දෙකක් සිදු කෙරුණා. දැනගන්නට ලැබෙන ආකාරයට මෙම පරීක්ෂණ අසාර්ථකයි. ( නිලනොලත් ආරංච් මාර්ග වලට අනුව එයට හේතුව ලෙස දැක්වෙන්නේ මේවායේ Axle Load අගය උඩරට මාර්ගයේ නියමිත අගයට වඩා ඉහල බැවින් දුම්රිය මාර්ග ඉන්ජිනේරුවන් විරුද්ධ වීමයි සහ තිරිංග පිලිබඳ ප්‍රශ්ණයක්). එබැවින් මෙම එන්ජින් සහිත දුම්රියන් උඩරට මාර්ගයේ ධාවනය වන්නේ නැහැ.
|
පේරාදෙණිය දක්වා සිදුකල පරීක්ෂණ ධාවනය වෙනුවෙන් පේරාදණයට පැමිණි
අංක 945 එන්ජිම |
මෙම වර්ගයේ එන්ජින් සියල්ලම තවමත් ඉතා හොඳින් ධාවනය කෙරෙනවා. එසේ වුවත් තතු දත් අය පවසන ආකාරයට මෙම එන්ජින් නඩත්තු කිරීම ඉතා වියදම් සහගත කටයුත්තක්. එමෙන්ම මෙයින් පිටවන දුමාරයද ඉතා අධිකයි. එහෙස් වුවත් මෙමගින් අපේ දුම්රිය සේවයට ලැබෙන සේවය නම් සුලුපටු නැහැ.
ඉදිරියේදී උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කිරීම සඳහා තවත් මෙම වර්ගයේ එන්ජින් කිහිපයක් අලුතෙන් මිලදී ගැනිමට දුම්රිය බලධාරින්ගේ අවධානය යොමුවී ඇති බවද පැවසෙනවා.
මිලඟ එන්ජින් කතා බහෙන් හමුවෙමු.
විශේෂ ස්තූතිය - Warren Lodeyke, සුභාෂ් ධනසේකර, සහන් ජයසූරිය, තුර්ය ඕවිටිපාන, නිපුන දොඩංතැන්න, චානක මල්ලවආරච්චි, චමින්දනාත් ඉඳුරුව.
ඡායාරූප:-
ධාවනය වන එන්ජිමක ඇතුලත
මැදිරි 17ක් සහිත පළමු පරීක්ෂණ ධාවනය
මැදිරි 16ක් සහිත දෙවන පරීක්ෂණ ධාවනය
|
මෙරටට ගෙන එන්නට පෙර ඉන්දියාවේදී M10A එන්ජින් කිහිපයක්.
ඡායාරූපය - Santulan Mahanta |
|
වරායෙන් ගොඩබෑම
ඡායාරූපය - UB උපසේන |
|
අලුත ගෙනා එන්ජින් වලට ELS ධාවනාගාරයේදී ඉන්ධන පිරවීම |
|
ප්‍රීමා පිටි දුම්රිය සමග |
|
පළමුවෙන්ම ධාවනයට එක් කල 942 අංකය දරණ දුම්රිය |
|
මන්නාරම් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවා දුම්රියක් රැගෙන යමින් |
|
මන්නාරම් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවා දුම්රියක් රැගෙන යමින් |
|
යාල්දේවී දුම්රිය සමග කිලිනොච්චියේදී |
සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැමීම ගැන සතුටුයි. ආපහු ලියන්න පටන් ගත්තු නිසා නතර කරන්න එපා. තව ලියන්න මේ සම්බන්ධව මොන තරම් දේවල් තියනවාද? කොහොම උනත් ලංකාවෙ දුම්රිය ඇන්ජින් සම්බන්ධයෙන් විකිපීඩියාව තමයි මේ බ්ලොග් එක.
ReplyDeleteස්තූතියි සහෝ :D
DeleteM10 A එකේ බොගිය M10 එකට වඩා පොඩ්ඩක් කොටයි කියලා කතාවක් මං කොහෙහෝ දැක්ක.. බොරුවක් ද ඒක?
ReplyDeleteමමත් ඕක අහල තියෙනව. ස්තූතියි සහෝ ප්‍රතිචාරයට :)
Deleteකාලෙකට පස්සේ නියම ලිපියක්.. නියමයි දිගටම ලියමු..
ReplyDeleteස්තූතියි සහෝ ප්‍රතිචාරයට :)
Deleteකාලෙකට පස්සෙ නැවත ලියපු එක ගැන සතුටුයි.
ReplyDeleteලිපිය කියවන්න ආයෙත් එන්නං.
ආයෙ මොකටද ඔන්න කියෝලම දැම්ම. වේග සීමා කරල තියෙන්නෙ අපේ අය 160 ටම පාගයි කියල වෙන්ටැ.
Deleteඅනේද කියන්නේ. :D
Deleteස්තූතියි ප්‍රසා අයියන්ඩිය ප්‍රතිචාරයට :)
අපූරුයි. මට නම් මේකෙ පාට එච්චර අල්ලන්නෙ නෑ. දීප්තිමත් සාරියක් ඇදපු දකුණු ඉන්දියානු කාන්තාවක් වගේ මට මේ එන්ජිම පේන්නෙ
ReplyDeletehehe.....
Deleteස්තූතියි සහෝ ප්‍රතිචාරයට :)
අනේ හරි සන්තෝසයි උඹේ පොස්ස්ට් එකක් දැක්කම. ජය වේවා!!
ReplyDeleteඑසේම වේවා!!!
Deleteකෝච්චියා ආපහු ආපු එකම කොච්චර සතුටක්ද!
ReplyDeleteතැන්කූ වේවා. එහෙනං ඉඩකඩ ඇති වෙලාවට ලියන්නම්කෝ. ස්තූතියි ඩූඩ්!!
Deleteමේකට කගවේනා කියන්ඞ එපා වේගය 80 kmph
ReplyDeleteවලට අඞු කරල තියෙන්නෙ
අසූව පැන්න ගමන් හූක් හූක් ගාලා එලාම් එක කෑ ගහනව :D
Deleteස්තුතියි. කලකට පස්සේ ඔන්න නැවතත් මේ පැත්තට ආවා.
ReplyDeleteමෙම එන්ජින් වලින් පිටවන අධික දුමාරය පාලනය කීරීමට හැකියාවක් තියෙනවද. එයින් පරිසරයට හානියක් වෙනවා නේද
අනේ මන්ද දකින කොයි එන්ජිමත් ඔහොමයි. :(
Deleteඉඳ හිට නැතිව දිගටම ලියන්න හයිය හත්තිය ලැබේවා!
ReplyDeleteඔබේ කොමෙන්ටුව මට දිරියකි!! :D
Deleteකාලෙකට පස්සෙ ඔබ දැකීමත් සතුටක් චන්දික...මාසෙකට එකක් ගානෙවත් ලියන්ට බලන්නකො...:)
ReplyDeleteඋත්සහ කරමු!!! :)
Deleteඇති යාන්තම් මුට ආයේ post දාන්න හිතිල. බැන්දට පස්සේ ඉඩ කඩ ලැබිල වගේ.
ReplyDeleteකඩ කඩ ඉඩ ලැබිල. මාස දෙකක් තිස්සෙ දඟලල ලියා ගත්තා. :P
Deleteකෝ Comic Sans කියත් පටි එහෙම ගැන මොනවත් කියල නෑනෙ... :v
ReplyDeleteසෑහෙන සතුටුයි කාලෙකට පස්සේ හරි ආයෙමත් ලිපියක් ලියල තියෙනවා දකිනකොට. වෙනදා වගේම හොඳ ලිපියක්. කොහොම වුනත් M10 එන්ජින් වල නිමාව දිහා බැලුවම නම් වෙලාවකට හිතෙනවා අපේ ගෙවල්වල ඉවත දාන ගජමැටික්ස් වලින් මොනවා කරන්න බැරිද කියල.... :D
ReplyDeleteහරිම සතුටුයි සහෝ... ඇත්තටම මම හිතුවේ මේ බ්ලොග් එක ලියන් එක නතර කරන්න ඇති කියල... ඒත් හිත කොනේ තිබුන පොඩියට වගේ M10 ගැනත් ලියයි කියල, එකයි අන්තර්ජාලයට ආවොත් බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්නේ
ReplyDeleteගොඩක් සතුටුයි 2015 පෝස්ට් එකතු කළ එක ගැන....
වෙනදා වගේම බොහොම අගනා ලිපියක්! ඇත්තටම බොහොම සතුටුයි බ්ලොග් එක නැවත ලියන එකට!! සුබපැතුම්!!!!
ReplyDeleteබෝම ලාබෙට හම්බුවෙච්චි නිසා ගන්ට ඇත්තෙ. ඉවත දාන ද්‍රව්‍ය වලිං සෑහෙන ප්‍රයෝජන අරං තියනවා මේ ඇන්ජිම හදද්දි. ;)
ReplyDeleteමම හිතුවෙ උඹ ලිවිල්ල නවත්තල කියල.
ReplyDeleteඉතාම හොඳ ලිපියක්. හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූකියි
ReplyDeleteදිගටම කෝච්චි ගැන ලියමු .. බ්ලොග් එක නියමයි..
ReplyDeleteඇයි බන් කොලුවෝ මේක නවත්තල තිබුනේ , බොහොම අසාවෙන් කියවන්න පුළුවන් බ්ලොග් එකක් , කරගෙන පලයන්කෝ දිගටම , ඕන සප් එකක් දෙන්නම් .....
ReplyDeleteපිට අයටත් ලිපි දාන්න අවස්ථාවක් දෙන්න බැරිද , (කෝච්චි ගැන පමණක් )
බොගිය කියන්නේ මොකක්ද?
ReplyDeleteබොගිය කියල කියන්නේ කෝච්ච්යෙ තියෙන රෝද සෙට් එකක් එකට සම්බන්ධ කරල තියෙන කොටසකට. මේ පෝස්ට් එකේ පින්තූරයක් තියෙනවා.
Deleteවැඩි විස්තර ඕනෙනං මේ ලින්ක් එක්ට ගිහින් බලන්න
බොගිය
ඇත්තටම මටත් ඒ වචනේ දැන් තමයි හරියට තේරුනේ.
Deleteගොඩක් ස්තුතියි.
Comprehensive post. Wish you well sire.
ReplyDeleteසුපිරි අහන්න නොලැබෙන ජාතියෙ විස්තර ටිකක් දැනගත්ත තවත් ලියන්න...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletem2 walata chinese wagon ghanawada kiyapioooooooooooooo
ReplyDeletegawnar system kiyanne mokadda kiyala chuttat pahadili karanna puluwanda... e wagema goda kalekin post ekak damima gana sathutui saho....
ReplyDeleteකාලෙකින් බ්ලොග් එක බැලුවෙ. ස්තුතියි විස්තරයට
ReplyDeleteniyamai..digatama karagana yanna good luck
ReplyDeleteහරිම වැදගත් ලිපියක් සහෝ ! දිගටම ලියන්න . නවත්වන්න එපා .
ReplyDeleteනියමයි.තවත් මේ වගෙ ලිපි දාන්ඩ
ReplyDeleteගොඩක් ස්තූ තියි ...අපිව දැනුවත් කරනවට ....
ReplyDelete