පෙර කොටසින්...
අද එතැන් සිට-
කෝච්චියේ වෙච්ච තාඩන පීඩන බොහොමයක් මැද්දේ මමත් ඉන්දරේත් තරමක් නොසන්සුන් වෙලා හිටියේ. අපි ගමන් කරපු මැදිරියේ හිටපු දෙපිරිසක් මත්පැන් බී සින්දු කියමින් නටන්න පටන්ගත්තු නිසා අපිට හරිහැටි ඇහැපියව ගන්න වත් ලැබුනෙ නැහැ. ඒත් අපේ අනෙක් සගයෝ දෙන්නානම් කිසි අවුලක් නැතුවම වාගේ ගමන් කරලා තිබුණා. ඒ හේතුව නිසාම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් බැස ගැනීම මටත් ප්‍රවීන්ටත් මහත් අස්වැසිල්ලක් වුණා.
අපි ආපු දුම්රිය ඔන්න බදුලු යන්න පිටත් වුණා. ඔය ඉන්නේ සගයො තුන් දෙනා. මම කැමරාව පිටිපස්සේ. |
මග දිගටම කෝච්චියෙ එද්දි ගස් කොලන් අතරින් පතරින් අපි දුටුව ලස්සන දර්ශනයක් අපිට වඩාත් පැහැදිලිවම වගේ දැකගන්න පුලුවන් වුනා. ඉන්දරේ නම් කෝච්චිය ගිය සැනින් එහා පැත්තේ වේදිකාවට දිවුවා කැමරාවත් උස්සගෙන. මේ තියෙන්නෙ ඔහුට කැමරාවට හසුකරගන්න පුලුවන් වුන පින්තූරේ. බලන්නකො අඳුන ගන්න පුලුවන්ද කියලා.