ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් දුම්රිය. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි බෙහොමයක් සපිරුණු අපේ උඩරට දුම්රිය මාර්ගයේ ලබන අත්දැකීමනම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.
ඒ කෙහොම වුනත් මේ සූදානම් වෙන්නේ දුම්රියක් මගින් ගිය චාරිකාවක් ගැන කතා කරන්න නම් නොවෙයි. අපේ දුම්රිය ක්ෂේත්රය විනෝදාංශය කරගත් බොහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන "දුම්රිය මාර්ගයේ චාරිකා" එහෙමත් නැත්තම් Railway Hikes වලින් වඩාත්ම සුන්දර වු එක් චාරිකාවක් මගින් ලබාගත් අත්දැකීම් පිළිබඳව ඔබට කියන්නයි. Railway Hike එකක් කියල අප හඳුන්වන්නේ දුම්රිය මාර්ගයක් ඔස්සේ පයින් ගමන් කරමින් අවට වටපිටාවේ සුන්දරත්වය නිදහසේ විඳගනිමින් ලබාගත හැකි සුන්දරම අත්දැකීමක්. පරිසරයේ සුන්දරත්වය විඳින්නට කැමති අය, සත්ව නිරීක්ෂණයේ යෙදෙන අය වගේම ඡායාරූප ශිල්පීනුත් මෙවන් චාරිකා සඳහා විශාල කැමැත්තක් දක්වනවා.
පට්ටිපොල - ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය |