ඡායාරූපය:- Ceylon Railway Museum |
Friday, January 28, 2011
෴M7 දුම්රිය එන්ජිම - සාමාන්‍ය ධාවන කටයුතු වලට යොදාගන්නා කුඩාම එන්ජිම෴
Saturday, January 15, 2011
෴M6 දුම්රිය එන්ජිම - කඳුකරයට සුවිශේෂී සාර්ථකම එන්ජිම෴
උපුටා ගැනීම Ceylon Railway Museum pic by :- Harsha Herath |
Wednesday, January 05, 2011
෴මේ තවත් එන්ජිමක්ද? ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴
කරුණාකර මෙම ලිපිය කියවා අවසානයේ ඔබේ අදහස සටහන් කර යන්නේ නම් මැනවි.
෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔස්සෙ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙ දුම්රිය සේවය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන (M1සහ M3 දැන් ධාවනයේ නැත) ඩීසල් එන්ජින් කිහිපයක් ගැන කරුණු කාරණා, ඡායාරූප ඔබ සැමගේ දැන ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කරල තිබෙනවා. ආරම්භ කරල තවමත් මාසයක් වත් ගත නොවුණත් මේ වන විට ආසන්න වශයෙන් 1300කට වඩා වැඩි පිරිසක් මේ අඩවිය වෙත ඇවිල්ල තියෙනවා. දේශීය වගේම විදේශිය ඉන්න පාඨකයන් බොහෝදෙනෙක් මෙයට ඇතුලත්.
Sunday, January 02, 2011
෴M5 දුම්රිය එන්ජිම - Made in Japan෴
මේ තිබෙන්නේ M5 දුම්රිය එන්ජිමක්...pamuditha මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...... |
වාෂ්ප එන්ජින් ක්‍රමයෙන් මාර්ගයෙන් ඉවත් වීමත් සමග එන්ජින් බල ඇණිය ශක් තිමත් කිරීම සඳහා 1960-1980 යුගයේදී ඩීසල් එන්ජින් විශාල සංඛ්‍යාවක් වරින් වර විවිධ රටවල් වලින් මෙරටට ආනයනය කරනු ලදී. මෙම M5 පන්තියේ ඒන්ජින් එම වැඩපිලිවෙල යටතේ ජපානයෙන් මෙරටට ආනයනය කර ඇත. මෙරටට හඳුන්වා දුන් M1 දුම්රිය එන්ජිමට පසුව "Dual Cabin"(එන්ජිමේ දෙපසම රියදුරු කුටි) ආකාරයේ එන්ජිමක් ලෙස මෙරටට පැමිණි එන්ජිම වන්නේද මෙම M5 වර්ගයේ එන්ජින්ය. එම ලක්ෂණය නිසා එන්ජිම හැරවීමකින් තොරව පහසුවෙන් දෙපසටම ධාවනය කලහැකි වීම වාසියකි. ( දුම්රිය එන්ජිමක් හරවන ආකාරය සඳහා M4 ලිපියේ ඡායාරූප බලන්න.)
ගොනුගත කරන ලද:-
ඉලෙක්ට්‍රික්,
එන්ජින්,
ඩීසල් එන්ජින්
Subscribe to:
Posts (Atom)