මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.
Saturday, March 02, 2013
Monday, February 25, 2013
අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය.
-පූර්විකාව-
අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි පල කර ඇත. කෙසේ වුවද එම ලිපියෙහි ඇතැම් කොටස් ලිපිය පලකිරීමේදී සංශෝධනය කර ඇති නිසා සම්පූර්ණ ලිපිය පළකිරීම සඳහා එහි රචක නලීන් අබේසිංහ මහතා විසින් එවා ඇත. එම ලිපිය එතුමන්ගේ ඉල්ලීම මත මෙසේ පලකෙරේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Tuesday, February 19, 2013
යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට....
පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම
බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් විභාග
කටයුතු නිසා බ්ලොග්කරණයෙන් ඈත්ව සිටි කාලය පුරාවට සොයා බැලු සහ බ්ලොග් අඩවිය
පිලිබඳව විමසීම් කල සියලුදෙනා ඉතා ආදරයෙන් මතක් කරන අතර ඔවුන් ඇතුලු මෙම බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයන්ට
තවත් සතුටුදායක පුවතකුත් දැනුම් දිය යුතුව ඇත. එනම් පසුගිය දිනකදී මෙම බ්ලොග්
අඩවියට ඇගයීමක් ලැබුන පුවතයි.
පසුගිය වසරේ පැවති බස්රේඩියෝ බ්ලොග් සම්මාන
තරගයෙදී “හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය” යටතේ ඇගයීමකට ලක්කොට සහතිකය හිමි වූයේ මෙම “අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා” අඩවියටයි. මෙය පොදුවේ ගත් කල පුද්ගලික ජයග්‍රහණයක්
ලෙස නොව මෙහි සියලු දේ වෙනුවෙන් නාමිකව හෝ දායක වන සහ පාඨක ඔබ සැම දෙනා එම ජයග්‍රහණය
පිටුපස සිටින බව සටහන් කරන්නේ හද පිරි සතුටෙනි. එබැවින් එම ජයග්‍රහණයේ ගෞරවය සියලුදෙනාටම සමසේ හිමිවිය යුතු බව මෙහිලා
සටහන් කරනු කැමැත්තෙමි.
එසේම එම තරගාවලිය පවත්වන්නට යෙදුනු බස්රේඩියෝවටත් එහි
කාර්ය මණ්ඩලයයේ සාමාජික සාමාජිකාවන්ටත් සියලු දුම්රිය ලෝලින් වෙනුවෙන් සුභාෂිංශන
පුද කල යුතුය. අවසන වශයෙන්, මෙම බ්ලොග් අඩවිය සමග නිරන්තරයෙන් රැඳී සිටින පාඨක ඔබ
සැමට ස්තුතිය පුද කරනු කැමැත්තෙමි. ඉදිරි ලිපියකින් හැකි ඉක්මණින් හමු වෙමු.
Saturday, October 27, 2012
බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?
මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ දවස් වල රැකියාවේ කාර්යබහුලත්වය නිසාත් සති අන්ත දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධවිය යුතු නිසාත් අවිවේකියි. තවත් මාස දෙකක් පමණ නිහඬව ඉන්න සිදුවේවි. ඊමේල් සහ වෙනත් ආකාර වලින් විමසීම් කල සහ මෙම අඩවියේ අනෙකුත් සියලු පාඨකයන්ගෙන් සමාව අයදිනවා.
හැකි ඉක්මනින් නැවත හමුවෙමු!!!
ස්තුතියි!!
Subscribe to:
Posts (Atom)