Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

මාතලේ දුම්රිය ස්ථානයේ ඇරඹි නිදහස් පුස්තකාලය

මාතලේ දුම්රිය ස්ථානයට වසර 137 ක් සපිරීම නිමිත්තෙන් මාතලේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමාගේ මුලිකත්වයෙන් සහ මාතලේ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය විසින් මාතලේ දුම්රිය ස්ථානය භාවිතා කරන මගීන් වෙනුවෙන් නිදහස් පුස්තකාලයක් ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා.

එම පුස්තකාලය මාතලේ දුම්රිය ස්ථානය භාවිතා කරනු ලබන ඔනෑම පුද්ගලයෙකුට කියවීම සඳහා පොත් ලබාගත හැකි වන අතර පරිත්‍යාගශීලි ඕනෑම කෙනෙක් හට තමන් භාවිත නොකරන ලද පරණ පොත් ඇතිනම් මාතලේ දුම්රිය ස්ථානයේ මෙම පුස්තකාලයට ලබා දියහැකි වේ.

දැනට මෙම නිදහස් පුස්තකාලයේ පොත් 300කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඒ සඳහා හොද ප්‍රතිචාර රැසක් මේ වනවිට දුම්රිය මගියන්ගෙන් ලැබී තිබේ. මීට පෙර අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ මෙන්ම කොට්ටාව දුම්රිය ස්ථානයේ මෙලෙස දුම්රිය භාවිත කරන මගීන් වෙනුවෙන් නිදහස් පුස්තකාල ආරම්භ කෙරුණි.

මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල මාතලේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තුමා වන වික්‍රමතිලක මහතාටත් මාතලේ දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයටත්, මේ සඳහා පොත්පත් ලබාදුන් සියලුම දෙනාටත් විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි..

සටහන ,ජායාරූප : ශශින් විජේතුංග