Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්

දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බව ඔවුන් ප්‍රකාශ කළේය.

දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත් විණි.

එම සාකච්ඡාව අසාර්ථක වූ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – AdaderanaLK
2018-08-24