Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

S13 නවීන දුම්රිය ජනතා අයිතියට පත්වූ වගයි

පසුගිය 2018 වසරේ දෙසැම්බර් මස ඉන්දියාවෙන් ගෙන්වන ලද අති නවීන පන්නයේ S – 13 වර්ගයේ දුම්රිය කට්ටලය යොදාගනිමින් සිදු කරන ලද මංගල ධාවනය පසුගිය 27 වන ඉරු දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ හා ගරු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය හා කන්කසන්තුරය දක්වා සාර්ථකව සිදු කරන ලදි.

එම මංගල ධාවනය සදහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළු පන්තීන් නියෝජනය වන පරිදි එක් එක් ශ්‍රේණී නිලධාරීන් හා වෘත්තීය සමිති සාමාජිකයන් සහ ජනමාධ්‍යවේදීන් සහභාගී වූ අතර සාමාන්‍ය දුම්රිය මගී ජනතාව වෙනුවෙන් ද මැදිරි කිහිපයක් ප්‍රවාහනය සදහා විවර කර තිබීම විශේෂත්වයක් විණ.

” මතින් නිදහස් වූ රටක් ” යන තේමාව පෙරදැරි කොටගෙන පෙරවරු 7/00 ට යෙදුණු සුභ මොහොතින් පිටත් වූ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයට ලගා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහභාගිත්වයෙන් එම ” මතින් නිදහස් වූ රටක් ” යන තේමාව පිළිබද මගී ජනතාව පත්‍රිකා මගින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද සංවිධානය කොට තිබිණ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ බල ඇණිය වෙත එක්වූ මෙම නවතම සාමාජිකයා දැක බලා ගැනීම සදහා දුම්රිය මග දෙපස හා දුම්රිය ස්ථාන ආශ්‍රිතව මගී ජනතාව ඉතා උද්‍යෝගයෙන් පෙර මග බලා උන් අයුරු දර්ශනය කර ගත හැකි විණ.

එලෙසම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථාන වෙත අළුතින්ම එක් වූ උප දුම්රිය ස්ථානයක් වූ “අරිවියල් නගර් ” දුම්රිය ස්ථානය විවෘත කිරීමත්, එහි ප්‍රථම දුම්රිය ප්‍රවේශ පත්‍රය ගරු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත නිකුත් කිරීම සහ එම දුම්රිය ස්ථානයේ ප්‍රථම නිල සහභාගිත්වය සනිටුහන් කිරීම ද මෙම මංගල ධාවනය අතරතුර සිදු විණ.

ඉන් අනතුරුව උතුරු පළාතේ පාසැල් ළමුන් වෙනුවෙන් එක්රැස් කොට ගත් පාසැල් උපකරණ හා පොත්පත් මෙම දුම්රිය ඔස්සේ ගෙනැවිත් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් ද මේ හා සමගාමීව සංවිධානය කොට තිබිණ.

මේ ආකාරයෙන් මැනවින් සංවිධානය කොට තිබූ එවන් සියලු අවස්ථා ද සනිටුහන් කරමින් යාපනය හා කන්කසන්තුරය දක්වා අති සාර්ථක අන්දමින් ගමන් කොට නැවතත් පස්වරු 4/20 ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරමින් උදා වූ පසු දින වන සදුදා උදෑසන කාර්යාල බලා ගමන් ගන්නා මගීන්ගේ නෙත් පිනවමින් ගමන් කොට කොළඹ කොටුවේ ඇරඹුම් ස්ථානය වෙතම යළිත් වාර්තා කරමින් මෙම මංගල ධාවනය සාර්ථකව නිමා කරන ලදි.

එළඹෙන ජනවාරි මස 30 වන බදාදා දින පටන් මගී ජනතාව වෙනුවෙන් ඇරඹෙන මෙම උත්තර දේවී දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 11/50 ට පිටත් වීමට නියමිත අතර නැවතත් පසු දින උදෑසන 05/30 ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇත.

සැකසුම – ලහිරු තේනුවර / දුලිප් වික්‍රමසිංහ
චායාරූප – අමන්ජ හේමාල් (RDMNS.LK Media Unit) / ජනාධිපති මාධ්‍ය අංශය
2019-01-30