බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ චාරිකාව.
මෙරට දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ පියවරක් ලෙස මාතර සිට කතරගම දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ පලමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ පළමු නිරීක්ෂණ දුම්රිය චාරිකාව ප්‍රවාහන අමාත්‍ය තුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය 06 වන දින මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කලා.
මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා චීන ණය ආදාර හා එරට ව්‍යවසායකයින් ගේ සහාය ලබා ගත් අතර මෙම දුම්රිය මාර්ගයේ දෙවන අදියර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා කි.මි. 48 කින්ද තුන්වන අදියර හම්බන්තොට සිට කතරගම දක්වා කි.මි.39 කින්ද යුක්ත වනවා.
මෙම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන,
කැකණදුර,
බඹරන්ද,
වැවුරුකන්නල,
බෙලිඅත්ත
යන ප්‍රදේශ වල පිහිටා ඇති අතර පිලදූව හා වෙරහෙන යන ස්තාන වල උප දුම්රිය ස්ථාන ද පිහිටා ඇත.
මෙම දුම්රිය ස්ථානවල මගීන්ට මාරු වීම සදහා දුම්රිය ස්ථානය යටින් මංතීරු සකසා ඇති අතර තවද මෙරට ඉදිකරන ලද මීටර් 615 කින් යුත් දිගම දුම්රිය බිංගෙය ද මෙම දුම්රිය මාර්ගයේ නාකුට්ටිය යන ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙම දුම්රිය මාර්ගයේ මෙරට දුම්රිය මාර්ග පද්ධතිය තුල ඇති උසම හා දිගම දුම්රිය පාලම ද පිහිටා ඇත.
සැකසුම – Janith Udayanga Managoda
2019-01-07