මහව කාර්යාල දුම්රිය අලුත් වෙයි
2019 මාර්තු මස 08 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මහව සන්ධිය සිට කොළඹ කොටුව බලා ගමන් ගන්නා (මහව කාර්යාල දුම්රිය) සදහා මෙතෙක් ධාවනය වූ S09 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලය වෙනුවට S-11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ තුලින් එම මාර්ගයේ ගමන් ගත් S09 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය තුල වැසිකිලි පහසුකම් නොමැතිකමින් අපහසුතාවයට පත්වූ මගීන්ගේ එම ගැටළුවට පිළිතුරු ලැබෙනු ඇත.
ඉහත තීරණය නිසා මහව දුම්රියෙන් ඉවත්වන S09 දුම්රිය බලවේග කට්ටලය හෙට දින (08) උදෑසන 06.30 මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියට අනුයුක්ත කරනු ඇත.
2019-03-07
#RDMNS24