මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඊයේ (28) සවස් කාලය වන විට උතුරු කළුතර දක්වා පමණක් දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා තිබුණු අතර ඒ අතරතුරම එක් දුම්රිය මාර්ගයක් පිළිසකර කර ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට සේවයේ නියුතු සියලු නිලධාරීන් කටයුතු කිරීමට සමත් වී තිබිණ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ් දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඊයේ රාත්රිය වනවිට සිදුකර අවසන් කළ බවයි.
Source – HiruNewsLK / RDMNS24
2019-03-01