දුම්රිය ධාවනය සංශෝධනය කෙරේ
දුම්රිය ධාවනය සංශෝධනය කිරිමක් සම්බන්ධවයි
දුම්රිය මගීන්ගේ පහසුව සඳහා පහත සඳහන් පරිදි නව දුම්රිය එක්කිරීම හා පැවති දුම්රිය සංශෝධනයට ලක් කර ඇත.
>> දුම්රිය වෙනස් කිරීම
2019.08.01 බ්‍රහස්පතින්දා දින සිට මරදාන දුම්රිය ස්ථානයේ සිට ප.ව. 02.15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක 8056 දරණ (ගාලු කුමාරි) දුම්රිය හා 2019.08.02 සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 05.25 ට මරදාන දක්වා ධාවනය වන අංක 8057 දරණ (ගාලුකුමාරි) එස් 12 බලවේග කට්ටල දුම්රිය වෙනුවට එස් 13 වර්ගයේ නවීන බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවා ඇත. එම දුම්රිය තුළ වායුසමනය කරන ලද දුම්රිය මැදිරි දෙකක් ඇති අතර එම මැදිරිවල ආසන කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම් සපයා ඇත.
>> නව දුම්රිය එකතු කිරීම
කොළඹ කොටුව සිට යාපනය දක්වා
1. අංක 4081 දරණ දුම්රිය දිනපතා කොළඹ කොටුවෙන් පෙ.ව. 08.50 ට පිටත් වී යාපනය දුම්රිය ස්ථානයට ප.ව. 06.31 ට ළඟා වේ.
2. අංක 4093 දරණ දුම්රිය සෙනසුරාදා දින කොළඹ කොටුවෙන් පෙ.ව. 09.40 ට පිටත් වී යාපනය දුම්රිය ස්ථානයට රාත්‍රි 07.00 ට ළඟා වේ.
කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය
අංක 4089 දරණ රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා කොළඹ කොටුවෙන් රාත්‍රි 09.00 ට පිටත් වී කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට පෙ.ව. 5.55 ට ළඟා වේ.
යාපනය සිට කොළඹ කොටුව දක්වා (2019.08.02)
අංක 4082 දරණ දුම්රිය දිනපතා යාපනය දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 06.25 ට පිටත් වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ප.ව. 04.00 ට ළඟා වේ.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය (2019.08.02)
1. අංක 4088 දරණ දුම්රිය දිනපතා කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ප.ව. 05.40 ට පිටත් වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙ.ව. 04.00 ට ළඟා වේ.
2. අංක 4090 දරණ රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 07.45 ට පිටත් වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙ.ව. 04.40 ට ළඟා වේ.
අනුරාධපුර සිට තලේමන්නාරම් තොට දක්වා (2019.08.02)
අංක 5443 දරණ දුම්රිය දිනපතා අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 00.50 ට පිටත් වී තලේමන්නාරම් තොට දුම්රිය ස්ථානයට පෙ.ව. 04.00 ට ළඟා වේ.
තලේමන්නාරම් තොට සිට මැදවච්චිය දක්වා (2019.08.02)
අංක 5846 දරණ දුම්රිය දිනපතා තලේමන්නාරම් තොට දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 07.00 ට පිටත් වී මැදවච්චිය දුම්රිය ස්ථානයට පෙ.ව. 09.11 ට ළඟා වේ.
මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට තලේමන්නාරම් තොට දක්වා (2019.08.02)
අංක 5845 දරණ දුම්රිය දිනපතා මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් ප.ව. 03.00ට පිටත් වී තලේමන්නාරම් තොට දුම්රිය ස්ථානයට ප.ව. 05.15ට ළඟා වේ.
තලේමන්නාරම් තොට සිට අනුරාධපුර දක්වා (2019.08.02)
අංක 5844 දරණ දුම්රිය දිනපතා තලේමන්නාරම් තොට දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 07.00 ට පිටත් වී අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වේ.
මැදවච්චිය සිට අනුරාධපුරය දක්වා ධාවනය වන රේල් බස් රථය
මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් ප.ව. 02.50 ට පිටත් වී අනුරාධපුර දුම්රිය ස්ථානයට ප.ව. 03.31 ට ළඟා වේ.
මහව සිට කුරුණෑගල දක්වා ධාවනය වන රේල් බස් රථය
අංක 4853 දරණ දුම්රිය දිනපතා මහව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 10.50 ට පිටත් වී කුරුණෑගල දුම්රිය ස්ථානයට දහවල් 12.29 ට ළඟා වේ.
නවතා තබන ලද දුමිරියන් නැවත ධාවනය සදහා යෙදවීම
2019.05.31 දින සිට ධාවනය නතර කර තිබූ මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාත් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වාත් සති අන්තයේ ධාවනය කරනු ලබන අංක 1027/ 1028 දරණ දුම්රියන් 2019.08.03 වන දින සිට නැවත සති අන්තයේ ධාවනය කරනු ලබයි.
උපුටා ගැනීම – මාධ්‍ය නිවේදනය ඇසුරෙනි