Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දක්ෂිණ නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ

මරදාන සිට බෙලිඅත්ත දක්වා දිනපතා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් 2019-09-24 දින සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එම දුම්රිය දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබේ.

එහි කාලසටහන පහත පරිදි වේ.

– දුම්රිය අංක 8054

මරදාන දුම්රිය ස්ථානයෙන් 2019-09-24 වන දින ප.ව.03.00 ට ගමන් ආරම්භ කරන අතර ප.ව.06.05 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිතයි.

එම දුම්රිය නවත්වන්නේ,

කොළඹ කොටුව ප.ව.03.05
අලුත්ගම ප.ව.04.07
අම්බලන්ගොඩ ප.ව.04.26
හික්කඩුව ප.ව.04.37
ගාල්ල ප.ව.04.53
වැලිගම ප.ව.05.21
මාතර ප.ව.05.35
කැකණදුර ප.ව.05.46
වැවුරුකන්නල ප.ව.05.56
බෙලිඅත්ත ප.ව.06.05

————————————

– දුම්රිය අංක 8055

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් 2019-09-25 වන දින පෙ.ව.02.15 ට ගමන් ආරම්භ කරන අතර පෙ.ව.05.10 ට මරදාන දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිතයි.

එම දුම්රිය නවත්වන්නේ,

වැවුරුකන්නල පෙ.ව.02.23
කැකණදුර පෙ.ව.02.33
මාතර පෙ.ව.02.40
වැලිගම පෙ.ව.02.53
ගාල්ල පෙ.ව.03.17
හික්කඩුව පෙ.ව.03.37
අම්බලන්ගොඩ පෙ.ව.03.47
අලුත්ගම පෙ.ව.04.06
කොළඹ කොටුව පෙ.ව.05.04
මරදාන පෙ.ව.05.10

මෙම දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද නව S13 වර්ගයේ බලවේග කට්ටලයක් යොදා ගනිමින් ධාවනය කිරීමට නියමිත අතර පළමු පන්තියේ මැදිරියක්, දෙවැනි පන්තියේ මැදිරියක් සහ තෙවැනි පන්තියේ මැදිරි තුනකින් සමන්විත වේ.

සැ.යු.
මෙම දුම්රියෙහි ගමන් කිරීමට සාමාන්‍ය ප්‍රවේශපත් සහ දුම්රිය වාර ප්‍රවේශපත් වලංගු නොවන බවත් ඒ සඳහා නගරාන්තර දුම්රියන් සඳහා ඇති විශේෂ ප්‍රවේශපත් ලබාගත යුතු බවත් කරුණාවෙන් සලකන්න.

#SLR #RDMNS #NEWSFEED #DAKSHINAINTERCITYEXPRESS

RDMNS වෙනුවෙන් සැකසුම | Romesh Pradeep / Lahiru Thenuwara
Image | Haleef Ismail