Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

පුලතිසි නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ

කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා දිවෙන නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් 2019-09-11 වන බදාදා (හෙට) දින සිට ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙම දුම්රිය ” පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ” ලෙස නම් කොට ඇති අතර දිනපතා ධාවනය වේ.

මෙම දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද නව S13 වර්ගයේ බලවේග කට්ටලයක් යොදාගෙන ධාවනය කෙරෙන අතර

වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක්ද,
දෙවැනි පන්තියේ මැදිරියක් සහ
තෙවැනි පන්තියේ මැදිරි 3 කින්ද

මෙම දුම්රිය සමන්විත වනු ඇත

දුම්රිය අංක 6075 දරණ ගමන් වාරය

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/05 ට ගමන් ආරම්භ කර, පොළොන්නරුව දුම්රිය ස්ථානයට රාත්‍රි 07/47 ට ළඟා වීමට නියමිත වේ.

නවත්වන දුම්රිය ස්ථාන (6075)

ප.ව.04.08 – පොල්ගහවෙල
ප.ව.04.32 – කුරුණෑගල
ප.ව.05.12 – මහව සන්ධිය
ප.ව.06.05 – කලා වැව
ප.ව.06.16 – කැකිරාව
ප.ව.06.42 – හබරණ
ප.ව.07.24 – හිඟුරක්ගොඩ
ප.ව.07.47 – පොළොන්නරුව

දුම්රිය අංක 6076 දරණ ගමන් වාරය

පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.03/45 ට ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙ.ව. 09/08 ට ළඟා වීමට නියමිත වේ.

නවත්වන දුම්රිය ස්ථාන (6076)

පෙ.ව.04.05 – හිඟුරක්ගොඩ
පෙ.ව.04.38 – හබරණ
පෙ.ව.05.04 – කැකිරාව
පෙ.ව.05.16 – කලා වැව
පෙ.ව.06.01 – මහව සන්ධිය
පෙ.ව.07.20 – කුරුණෑගල
පෙ.ව.08.00 – පොල්ගහවෙල
පෙ.ව.09.03 – මරදාන
පෙ.ව.09.08 – කොළඹ කොටුව

#RDMNS #TrainSchedule #NewTrain