2020 කැළණි විහාරයේ දුරුතු පෙරහැරට සීඝ්‍රගාමී දුම්රියන් 24ක් කැළණියේ නවත්වයි.
කැළණි ශ්‍රී රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර උත්සවය වෙනුවෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා 2020 ජනවාරි මස 09 හා 10 යන දෙදින තුළ සීඝ්‍රගාමී දුම්රියන් 24 ක් කැළණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනයට පියවර ගන්නා බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි.
2020.01.09 දින කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලබන දුම්රියන්
>> අංක 4086 දරණ වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන රජරට රැජින දුම්රිය,
>> අංක 1036 හා අංක 1024 දරණ මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය දෙක,
>> අංක 1020 දරණ මාතලේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 6012 දරණ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන උදය දේවී දුම්රිය,
>> අංක 1016 දරණ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය,
>> අංක 4082 දරණ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ,
>> අංක 1006 දරණ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය,
>> අංක 1578 දරණ පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1569 දරණ මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ,
>> අංක 4078 දරණ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය,
>> අංක 1008 දරණ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1592 දරණ පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය.
2020.01.10 දින කැලණිය දුම්රිය ස්ථානයේ නතර කරනු ලබන දුම්රියන්
>> අංක 1005 දරණ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය,
>> අංක 4077 දරණ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය,
>> අංක 6011 දරණ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන උදය දේවී දුම්රිය,
>> අංක 3418 දරණ කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1015 දරණ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය,
>> අංක 4081 දරණ කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1146 දරණ කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1007 දරණ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1019 දරණ කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 1023 දරණ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන දුම්රිය,
>> අංක 4085 දරණ බෙලිඅත්ත සිට වව්නියාව දක්වා ධාවනය වන රජරට රැජින දුම්රිය.
දුරුතු පෙරහැර උත්සවය සදහා බැතිමතුන් විශාල වශයෙන් කැළණිය පුදබිමට පැමිණෙන බැවින් මෙම දුම්රියන් කැළණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බව තව දුරටත් වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.
#SLR #rdmns #NewsUpdate