Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

දුම්රිය කාලසටහන් සංශෝධන – මුහුදුබඩ / ප්‍රධාන සහ පුත්තලම මාර්ගය

2020/07/13 සිට මුහුදුබඩ මාර්ගයේ, ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර ඇත.
#RDMNS #NewsFeed

පෙ.ව. 03/45 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 02/15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

සතියේ දිනවල පෙ.ව. 03/15 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී තැපැල් දුම්රිය තිරාණගම, සීනිගම, අකුරල, ආඳාදොල, පාතෙගම්ගොඩ, පියගම, එගොඩඋයන, කොරලවැල්ල, ලුනාව, අඟුලාන, දෙහිවල සහ වැල්ලවත්ත හැර මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වා ධාවනය වේ.

පෙ.ව. 03/15 ට මාතර සිට මරදාන දක්වා ධාවනය වූ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 04/10 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ. එම දුම්රිය හෙට්ටිමුල්ල, මග්ගොන, දුම්රිය නැවතුම්පොළ අංක 01 සහ පින්වත්ත හැර මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වා ධාවනය වේ.

පෙ.ව. 04/30 ට අළුත්ගම සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 06/23 ට ගම්පහ දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 06/16 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වේ.

පෙ.ව. 05/10 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 05/00 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

සතියේ දිනවල පෙ.ව. 05/25 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රිය පෙ.ව. 05/20 ට අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

සතිඅන්ත දිනවල පෙ.ව. 05/25 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 05/20 ට අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

පෙ.ව. 06/55 ට දකුණු කලුතර සිට කොළඹ කොටුව සහ මීගමුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 07/00 ට දකුණු කලුතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

පෙ.ව. 07/05 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 07/00 ට පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

පෙ.ව. 05/30 ට ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 05/25 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

ඉරිදා දිනවල පෙ.ව. 05/35 ට ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 05/25 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

සතියේ දිනවල පෙ.ව. 05/00 ට ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 05/15 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

පෙ.ව. 06/20 ට අළුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය පෙ.ව. 06/10 ට අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

ප.ව. 05/45 ට මරදාන සිට මාතර දක්වා ධාවනය වූ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

පෙ.ව. 07/00 ට දකුණු කලුතර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 07/57 ට මීගමුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 08/02 ට පිටත් වේ. එම දුම්රිය නවත්තනු ලබන්නේ මරදාන, දෙමටගොඩ, රාගම, කඳාන, ජාඇල, සීදූව, ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක, කුරණ සහ මීගමුව පමණී.

#Rdmns #NewsFeed
UPDATED ON 2020.07.11