අවලංගු කරන ලද දුම්රිය සේවා නැවත ධාවනයට එක් කිරීම
ප්රධාන දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ තාවකාලිකව ධාවනය අවලංගු කර තිබූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය ගමන් වාර කීපයක් 2020/08/28 දින සිට පහත පරිදි නැවත ධාවනයට එක්කර ඇත.
පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය
සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය වේ.
පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1001 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ධාවනය වේ.
පෙ.ව. 08/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සෙනසුරාදා සහ ඉරිදා දිනවල ධාවනය වේ.
මීට අමතරව,
පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය 2020/08/29, 30, 31 සහ 2020/09/01 යන දිනවල ධාවනය වේ.
පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1001 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය 2020/08/28, 30 සහ 2020/08/31 යන දිනවල ධාවනය වේ.
පෙ.ව. 08/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය 2020/08/29, 31 සහ 2020/09/01 යන දිනවල ධාවනය වේ.
#RDMNS #NewsFeed
UPDATED ON | 2020.08.26