විශේෂ නිවේදනයයි !
විශේෂ දැනුවත් කිරීමයි !
2020.10.27 දින සිට නැවත දැනුම්දෙන තුරු දුම්රිය ධාවනය සිදු වන අයුරු.
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් 2020.10.27 දින සිට නැවත දැනුම් දෙන තුරු,
–මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය පහත පරිදි වේ.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දුම්රියන්:
8320 – පෙ.ව. 04/10 ට ගාල්ල සිට පැමිණෙන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය
8097 – පෙ.ව. 04/30 ට බෙලිඅත්ත සිට පැමිණෙන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය
8327 – පෙ.ව.05/00 ට ගාල්ල සිට පැමිණෙන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය
8324 – පෙ.ව.06/00 ට අළුත්ගම සිට පැමිණෙන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය
8326 – පෙ.ව.07/00 ට දකුණු කළුතර සිට පැමිණෙන සීඝ්‍රගාමී දුම්රිය
8313 – පෙ.ව.07/00 ට පානදුර සිට පැමිණෙන මන්දගාමී දුම්රිය
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත දුම්රියන්:
8727 – පෙ.ව.07/43 ට පානදුර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය
8765 – ප.ව.04/24 ට දකුණු කළුතර දක්වා ධාවනය වන දුම්රිය
8096 – ප.ව.04/53 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය
8760 – ප.ව.05/38 ට ගාල්ල දක්වා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය
8764 – ප.ව.06/25 ට ගාල්ල දක්වා ධාවනය වන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය
— 2020.10.27 දින සිට කැළණිවැලි මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රියන්.
9646 – පෙ.ව. 04/55 ට අවිස්සාවේල්ල සිට නාරාහේන්පිට දක්වා ධාවනය වන දුම්රිය
9263 – ප.ව. 04/53 ට නාරාහේන්පිට සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන දුම්රිය
දුම්රිය මාර්ග අවහිරතාවයක් හේතුවෙන් 2020.10.27 දින පමණක් ඉහත සඳහන් දුම්රියන් ධාවනය වන්නේ හෝමාගම සහ නාරහේන්පිට දුම්රිය ස්ථාන අතර පමණක් බව කරුණාවෙන් සලකන්න.
— 2020.10.27 දින සිට පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන්,
3803 -පෙ.ව. 04.50 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය (වයික්කාල දුම්රිය ස්ථානයට ලඟා වන වෙලාව පෙ.ව. 05.53)
3409 – පෙ.ව. 05.41 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන දුම්රිය (වයික්කාල දුම්රිය ස්ථානයෙන් පිටත් වන වෙලාව පෙ.ව. 07.26)
3817 – පෙ.ව. 11.17 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය (වයික්කාල දුම්රිය ස්ථානයට ලඟා වන වෙලාව ප.ව. 12.27)
3422 – ප.ව. 04.30 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වන දුම්රිය (වයික්කාල දුම්රිය ස්ථානයෙන් පිටත් වන වෙලාව ප.ව. 06.12)
* සාමාන්‍ය මගීන් හට හලාවත සහ වයික්කාල දුම්රිය ස්ථානයන් අතර ගමන් කල හැකිය.
ප්‍රධාන මාර්ගයේ පෙර සඳහන් කල පරිදි විශේෂ දුම්රිය ගමන් වාර 8 උසස් පෙළ සිසුන් සඳහා පමණක් ධාවනය වේ.
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්, ගුරුවරුන් සහ දෙමව්පියන් හට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ඉහත සඳහන් කරන ලද දුම්රියන් භාවිතා කරමින් ගමන් කිරීමට අවසර ලබා දී ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා සිදු කරන නිලධාරීන් සහ සේවකයන් හට ද ඉහත දුම්රියන් භාවිතා කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට අවසර ලබා දී ඇත.
#RDMNS #NewsFeed
UPDATED ON 2020.10.26