Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්…

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන, ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්…

මගී ජනතාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අනුව, රාත්‍රී 07/00 ට ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 7084 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය, 2021 අප්‍රේල් මස 24 වන දින සිට සියඹලන්ගමුව දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කිරීමට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) විසින් කටයුතු සම්පාදනය කර ඇත.

ඒ අනුව මෙම දුම්රිය රාත්‍රී 10/42 ට සියඹලන්ගමුව දුම්රිය ස්ථානය වෙත ලඟා වීමට නියමිත අතර, රාත්‍රී 10/43 ට සියඹලන්ගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව ඇත.

මෙම දුම්රිය අවසාන වරට මගී ජනතාව වෙනුවෙන් සියඹලන්ගමුව දුම්රිය ස්ථානයේ නවත්වා ඇත්තේ 2003 වසරේදී වේ.

එසේම ප.ව. 05/20 ට මඩකලපුව සිට ගල්ඔය හන්දිය දක්වා ධාවනය වන අංක 6084 දරණ දුම්රිය, රාත්‍රී 07/00 ට ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 7084 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියට සම්බන්ධිත දුම්රියක් ලෙසින් මඩකලපුව සිට ගල්ඔය හන්දිය දක්වා ධාවනය වීම සිදුවේ.

එබැවින් නැගෙනහිර දුම්රිය මාර්ගයේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශ වල සිටින මගීන් වෙත මෙන්ම, මෙම රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගන්නා සියළුම මගීන් වෙත මෙමගින් පහසුවක් සැලසෙනු ඇත.

මගී ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව සලකා බලා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 7084 දරණ සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය සියඹලන්ගමුව දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කිරීමට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) වෙත, සියළුම මගී ජනතාව වෙනුවෙන් අප විසින් ස්තූතිය පලකර සිටින්නෙමු.

#RDMNS