දුම්රිය ධාවනය සඳහා දෙපාර්තමේන්තුව සූදානම් !
දුම්රිය ධාවනය සඳහා දෙපාර්තමේන්තුව සූදානම් !
ධාවනය නොකිරීමට හේතුව රජයෙන් ලබාදෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයි
– දුම්රිය සාමාන්‍යාධිකාරී
ඔක්තෝබර් මස පළමුවන දා (01) සිට රට විවෘත කිරීමෙන් අනතුරුව කාර්යාල මගීන්ගේ පහසුව සඳහා දුම්රිය ගමන් වාර 108 ක් පමණ ධාවනය කිරීමට කටයුතු යොදා තිබූ අතර රජය විසින් ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් එම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
දුම්රිය ධාවනය සිදු නොවන්නේ ධාවන කටයුතු සඳහා අදාළ දුම්රිය මාර්ග ඇතුළු අනෙකුත් තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීමට නිලධාරීන් අසමත්වීම නිසාවෙන් බවට එක් පුවත්පතක් පල කර තිබූ වාර්තාවක් පිලිබඳව අප දුම්රිය සාමාන්යාධිකාරීතුමාගෙන් විමසන ලද අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ එම පුවත සාවද්‍ය පුවතක් බවත් මගී දුම්රියන් ධාවනය නොවූවද මේ වන විටත් භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රිය සේවාවන් කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර කිසිදු තාක්ෂණික ගැටළුවක් නොමැති බවයි.
එමෙන්ම රජය විසින් අවසර ලබාදෙන ඕනෑම වෙලාවක දුම්රිය ධාවනය නැවත කඩිනමින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද සාමාන්‍යාධිකාරී තුමා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
#RDMNS #NewsFeed
2021.10.01