දුම්රිය ප්‍රවේශපත් Online ක්‍රමයට
දුම්රිය මගීන් සදහා ගුණාත්මක සැපයීමේ අරමුණින්
අද සිට මාර්ගගත හෙවත් Online ක්‍රමයට
දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව
පියවර ගෙන තිබේ.
මෙම ක්‍රමවේදය ඔස්සේ වෙබ් අඩවිය හරහා හෝ ජංගම දුරකථන
යෙදවුම මගින් දුම්රිය ආසන වෙන්කිරීමට පහසුකම් සලසා ඇත.
මීට අදාළ Mobile Apps ඉදිරියේදී Android/Apple App Store හරහා බාගත කරගැනීමේ හැකියාව ඇත.
මෙම වැඩපිළිවෙලෙහි මූලික අදියර Mobitel ආයතනය හරහා අද සිට ක්‍රියාත්මක වන අතර දුම්රිය මගීන්ගේ අවශ්‍යතාව අනුව ඉදිරියේදී කඩිනමින් මෙම පහසුකම ලබා දෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර සිටියි.