කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නැවතේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පාලමක් අලුත්වැඩියා කිරීම සඳහා 2022/10/07 දින රාත්රී 08/30 සිට 2022/10/10 දින පෙ.ව. 06/00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත් හිටුවා ඇත.
එම දිනවලදී දුම්රිය ධාවනය ඉහත සඳහන් සංශෝධනයන්ට යටත් ව සිදුවේ.