Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

කාඩ්බෝඩ් කෝච්චි ටිකට් Digital වෙයි..!

අද (22) සිට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත් දුම්රිය ස්ථානවල පෝලිමේ නොසිට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ QR සහිත E-Ticket පත් ලබා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත.

ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා ඔබගේ ගමනාරම්භ සහ ගමනාන්ත දුම්රිය ස්ථාන, අවශ්‍ය පන්තිය, දිනය, වැඩිහිටි හෝ ළමා ප්‍රවේශපත් ප්‍රමාණය, ආපසු ඒමට අවශ්‍යනම් එයද ඇතුලත් කර,(උපරිම මගී ප්‍රමාණය එක වර 05 කි) ඔබගේ දුරකථන අංකය හා E-Mail ලිපිනය ඇතුලත් කර අදාළ ගෙවීම සිදු කර ඊ-ප්‍රවේශපත්‍රය ලබාගත හැක.

තවද මේ ඔස්සේ ගමනට නියමිත දිනට, දින 7 කට පෙර සිට ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව පවතින අතර ප්‍රවේශපත් අවලංගු කොට නැවත මුදල් ලබාගැනීමට ඉල්ලුම් කිරීමද සිදු කල හැක.

මෙහි නිල ආරම්භක උත්සවය කොළඹ නෙලුම් කුළුණේ අද දින (22) ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම්, ඉංජිනේරු රංජිත් ගංගනාත් රූබසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන්, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා ඇතුළු ව්‍යාපෘතියට අදාළ නිලධාරීන් හා ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශව කිහිපයක සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

#RDMNS Pravesha
2024/08/22