???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!
2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සංශෝධන පහත පරිදි වේ.
???? අංක 1005 | පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල (පොඩි මැණිකේ)
ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
???? අංක 1001 / 1041 | පෙ.ව.05/30 කොළඹ කොටුව සිට බදුල්ල (ඔඩිසි නගරාන්තර සීඝ්රගාමී)
ඔක්තෝබර් 10, 11, 12 සහ 13 යන දිනයන් හිදී ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
???? අංක 1002 / 1042 | පෙ.ව.08/00 බදුල්ල සිට කොළඹ කොටුව (ඔඩිසි නගරාන්තර සීඝ්රගාමී)
ඔක්තෝබර් 11, 12, 13 සහ 14 යන දිනයන් හිදී ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වෙලාව වන පෙ.ව. 08/55 ට ගමන් ආරම්භ වේ.
???? අංක 1006 | පෙ.ව.08/50 බදුල්ල සිට කොළඹ කොටුව (පොඩි මැණිකේ)
ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව.09/40 ට ගමන් ආරම්භ වේ.
???? අංක 1008 | පෙ.ව.10/20 බදුල්ල සිට කොළඹ කොටුව (සීඝ්රගාමී)
ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව. 11/15 ට ගමන් ආරම්භ වේ.
???? අංක 1126 | පෙ.ව.04/00 මහනුවර සිට බදුල්ල (මන්දගාමී මිශ්ර දුම්රිය)
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
???? අංක 1596 | පෙ.ව.11/30 බදුල්ල සිට මහනුවර (මන්දගාමී මිශ්ර දුම්රිය)
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන ප.ව. 01/15 ට ගමන් ආරම්භ වේ.
???? ඔක්තෝම්බර් 9 සිට 15 දක්වා සහ ඔක්තෝම්බර් 27 සිට 30 දක්වා කැලිප්සෝ දුම්රිය (අංක 1232/1234) ගමන්වාරයන් සියල්ල ධාවනය අවලංගු කර ඇත
???? අංක 1045 | රාත්රී 08/30 කොළඹ කොටුව – බදුල්ල (සීඝ්රගාමී රාත්රී තැපැල්)
ප්රමාදයක් සහිතව ධාවනය උවහොත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වීමට නියමිතව ඇත. එවැනි අවස්ථාවක ප.ව.06/30 බදුල්ල – කොළඹ කොටුව සීඝ්රගාමී රාත්රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාවට ගමන් ආරම්භ වනු ඇත. එවැනි විටකදී දුම්රියන් සඳහා ආරම්භක දු.ස්ථානය වෙත සහ ගමනාන්තයන් වෙත බස් රථ මගින් ගමන් පහසුකම් සැලසේ.
???? මෙම දුම්රියන් ගමන් අවසන් කරන දුම්රිය ස්ථානයන් වල සිට බදුල්ල දක්වා සියළුම දුම්රිය ස්ථානයන් වලටද සහ ගමන් ආරම්භ කරන දුම්රිය ස්ථානය දක්වා බදුල්ල සිට ඇති සියළුම දුම්රිය ස්ථානයන් වලින්ද බස් රථ පහසුකම් සලසා ඇත.
#RDMNS #MainLine #SriLankaRailway