දෙනුවර මැණිකේ නැවත ධාවනයට එක් කෙරේ
කොළඹ කොටුව – බදුල්ල දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවතත් ධාවනයට එක් කෙරේ..
රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හමුවේ, දුම්රිය මගී සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තාවකාලිකව ධාවනය අවලංගු කරන ලද අංක 1001 සහ අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය නිමිත්තෙන් නැවතත් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව 2021 අප්‍රේල් මස 01 වන දින සිට 2021 අප්‍රේල් මස 18 වන දින දක්වා කාල සීමාව තුළ මෙම දුම්රිය පහත පරිදි ධාවනය වේ.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1001 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 06/30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන අතර එම දුම්රිය ප.ව. 03/01 වන විට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ලඟා වීමට නියමිතය.
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 08/00 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන අතර එම දුම්රිය ප.ව. 04/38 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ලඟා වීමට නියමිතය.
එසේම කලින් ආසන් වෙන් කරවා ගත් මගීන් සඳහා පමණක් මෙම දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා ගත හැකි වන අතර, මේ වන විට දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සඳහා ආසන වෙන් කිරීම් කටයුතු ආරම්භ කර ඇත.
#RDMNS #NewsFeed
2021.03.31