Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය සේවා සැපයීම

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ අ.පො.ස. (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට දුම්රිය පහසුකම් සැපයීම.

2020 ඔක්තෝම්බර් 11 වන දින පැවැත්වීමට නියමිත 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ 2020 ඔක්තෝම්බර් 12 වන දින සිට 2020 නොවැම්බර් 06 වන දින දක්වා පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙනීසිටින, දුම්රිය මගින් ගමන් පහසුකම් සලසාගන්නා සිසුන් වෙත පහත සඳහන් දුම්රිය ගමන් වාර වලදී සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුම්රිය මැදිරි දෙක බැගින් සහ පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුම්රිය මැදිරි එක බැගින් වෙන් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව එම මැදිරි තුළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් හට පමණක් ගමන් කල හැකිය.

එසේම ඇඳිරිනීති බලප්‍රදේශ තුළ පිහිටි දුම්රිය ස්ථානවල එම දුම්රියන් නැවැත්වීමේදී විභාගයට පෙනීසිටීන සිසුන් හට පමණක් දුම්රියට ඇතුළුවීමට අවසර ලබා දෙනු ඇත.

පහත සඳහන් දුම්රියන් විභාගය පැවැත්වෙන කාලසීමාවේදී එම දුම්රියන්හි සාමාන්‍ය නැවැතුම් දුම්රිය ස්ථාන වලට අමතරව ඇඳිරිනීති බලප්‍රදේශ වලට අයත් දුම්රිය ස්ථාන වල නැවැත්වීමට කටයුතු යොදා ඇත.

——————————————–
UPDATE 2020.10.11
මෙහි සඳහන් කර ඇති දුම්රිය ගමන් වාර වලට අමතරව පහත සඳහන් දුම්රියන් ද පසුව එක් කර ඇත.

පෙ.ව. 11/15 කොළඹ කොටුව – රඹුක්කන

දහවල් 12/50 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය

පෙ.ව. 03/55 ගනේවත්ත – කොළඹ කොටුව

පෙ.ව. 09/55 රඹුක්කන – කොළඹ කොටුව
—————————————————–

#Rdmns #NewsFeed
UPDATED ON 2020.10.10