දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවාව ඇරඹේ
උඩරට දුම්රිය මාර්ගයේ අධික මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව – බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට “දෙනුවර මැණිකේ” නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 2ක්, දෙවැනි පන්තියේ මැදිරි 2 ක් සහ සකසුරුවම් පන්තියේ මැදිරි 3 කින් සමන්විත වේ.
මෙහි සියලු ආසන කලින් වෙන්කරවා ගත හැක.
( ධාවනය ආරම්භ වන දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හා ඊට පසුදින උදැසන බදුල්ල දුම්රිය ස්ථානයේ සිට වශයෙන් දිනක් හැර දිනක් ලෙසට ධාවනය වේ )
ගමනාරම්භය – කොළඹ කොටුව | පෙ.ව.06.45
ගමනාන්තය – බදුල්ල | ප.ව.03.27
ගමනාරම්භය – බදුල්ල | පෙ.ව.07.20
ගමනාන්තය – කොළඹ කොටුව | ප.ව.04.03
* වේලාවන් සංශෝධනය වුවහොත් නැවත දැනුම් දෙනු ඇත
නවත්වන දුම්රිය ස්ථාන
කොළඹ කොටුව / පොල්ගහවෙල / පේරාදෙණිය හන්දිය / ගම්පොල / නාවලපිටිය / හැටන් / තලවකැලේ /නානු ඔය / හපුතලේ / දියතලාව / බණ්ඩාරවෙල / ඇල්ල / බදුල්ල
ප්‍රවේශපත් ගාස්තු
කොළඹ කොටුව සිට
වායු සමනය කරන ලද පළමු පන්තිය
AIR CONDITIONED FIRST CLASS
නානු ඔය රු.1500/-
ඇල්ල – රු.1600/-
බදුල්ල – රු.1700/-
දෙවැනි පන්තිය
SECOND CLASS
නානු ඔය රු.800/-
ඇල්ල – රු.900/-
බදුල්ල – රු.1000/-
සකසුරුවම් පන්තිය
ECONOMY (3RD) CLASS
නානු ඔය රු.500/-
ඇල්ල – රු.600/-
බදුල්ල – රු.700/-
මෙම නවීන දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක් ද පළමු පන්තියේ මැදිරි තුල රූපවාහිනී තිර, ජංගම දුරකථන ආරෝපණ පහසුකම්, මගී ආසන සඳහා Headset පහසුකම්ද සලසා තිබේ.
තවද භෝජනාගාර මැදිරියක්ද මෙම දුම්රිය තුල ඇති අතර එහි විශේෂ අවශ්‍යතා ඇති අය සඳහාම වෙන්වූ ස්ථානයක් සහ සනීපාරක්ෂක පහසුකම් ද සලසා ඇත.
විශේෂ –
මෙම දුම්රිය මෙරටට ආනයනය කරන ලද නවීනතම දුම්රිය වන අතර එය රැකගැනීම ඔබ සියලුදෙනාගේ යුතුකමයි, එබැවින් මෙම දුම්රිය නිවැරදි ලෙස පරිහරණය කරන ලෙසත්, මෙම දුම්රිය අවභාවිතා කරන අය දුටුවහොත් එයට විරුද්දව හඬ නැගීමට ක්‍රියාත්මක වන්න.
RDMNS Railway Network
#NewsFeed