Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

දුම්රිය ප්‍රවේශ පත්‍ර නව ක්‍රමවේදයකට – පැරණි ප්‍රවේශපත්‍රය අහෝසි කිරීමටත් සැරසේ

දුම්රිය ප්‍රවේශපත්‍ර ආකාර 4 කින් නව ක්‍රමවේදයක් යටතේ නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජුනි – ජූලි මාසවලදී එම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේනේතුවේ අපේක්ෂාවයි.

මේ වනවිටත් ඊට අදාළව ටෙන්ඩර් කැඳවීම් නිකුත් කර ඇති අතර, විදේශීය සමාගම් 4 ක් විසින් ලංසු තැබීම සිදුකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

නව ක්‍රමවේදය යටතේ විද්‍යුත් කාඩ්පත්, යන්ත්‍රානුසාරයෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මෙන්ම ජංගම දුරකථනයට ලබාගන්නා මොබයිල් ඇප් ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගත හැකි ක්‍රමවේදයක් සහ සාමාන්‍ය පරිදි ප්‍රවේශපත් නිකුත් කිරීමද ඇතුළත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව යන්ත්‍රානුසාරයෙන් කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළ යන්ත්‍ර දුම්රිය ස්ථානවල මෙන්ම සාප්පු සංකීර්ණ ආශ්‍රිතවද ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.

විද්‍යුත් කාඩ්පතක් ඔස්සේ මගී ජනතාවට දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගැනීමට සලස්වා ඇති ක්‍රමවේදය මගින් එම කාඩ්පත් භාවිතයෙන් දුම්රිය ප්‍රවේශපත්‍රවලට අමතරව ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස් රථ ප්‍රවේශපත්‍ර ගාස්තුද ගෙවීමේ හැකියාව පවතින බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉදිරියේදී දැනට පවතින පරිදි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නතර කිරීමට බලාපොරොත්තු වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2018-12-30
Source – HiruNewsLK