දුම්රිය ප්‍රවේශපත් වෙන්කිරීමේදී ඇතිවන අක්‍රමිතා හේතුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දේ
එදිනෙදා ගමන් ගන්නා දුම්රියන් වල නැරඹුම් මැදිරිය, පළමු පන්තියේ වායු සමීකරණ මැදිරි, දෙවන හා තෙවන පන්ති වල නිදන මැදිරි ඇතුළුව සියලුම කලින් ආසන වෙන්කළ හැකි දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක්රමිකතාවන් සහ එලෙස ආසන කලින් වෙන් කරන ලද ප්‍රවේශ පත්‍ර බාහිර පාර්ශ්වයන් විසින් මිලදී ගෙන, ඒවා දේශීය/විදේශීය සංචාරකයන් වෙත වැඩි මිලකට අලෙවි කිරීමේ වංචනික සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති බැවින් එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2018 දෙසැම්බර් මස සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
මෙම නව ක්‍රමවේදයට අනුව 2018 දෙසැම්බර් මස සිට මගී ඔබ විසින් කලින් ආසන වෙන්කළ හැකි දුම්රිය ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමේදී එම ප්‍රවේශ පත්‍රය තුල එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය මුද්‍රණය කොට නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි.
ඒ අනුව දුම්රිය භාවිත කරන මගී ජනතාව විසින් මෙතෙක් මුහුණ දුන් ප්‍රධානතම ගැටළුවක්ව ලෙස පැවති කලින් ආසන වෙන් කළ හැකි ප්‍රවේශපත් ලබාගැනීමේ සේවාව තුල පැවතියා වූ එකී අක්රමිකතාවයන් මග හරවා ස්ථාපිත කරන ලද නව ක්‍රමවේදය තුල ද තවදුරටත් යම් යම් සුළු ගැටලුකාරී අවස්ථා උද්ගත වී අතර එම ගැටළුකාරී තත්වයන් සඳහාද ඉතා නුදුරේදීම කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව RDMNS24 News අංශය වෙත වැඩිදුරටත් අවධාරණය කරමින් පවසන ලදී.
මීට අමතරව මේ සම්බන්ධව ඔබ මුහුණ දෙන ගැටළු සහ පැමිණිලි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අප හරහා ඉදිරිපත් කිරීමට නොබෝ දිනකින් විවෘත වන RDMNS.LK දුම්රිය පැමිණිලි වාර්තා කිරීමේ පද්ධතිය යටතේ හැකියාව ලැබෙනු ඇත.
Source – Sri Lanka Railways HQ
#RDMNS24 #Train_Ticketing
2018-12-17