Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක්

” කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක් “

” සුරකිමු දුම්රිය ” සංවිධානය සමඟ දුම්රියේ එදිනෙදා ගමන් ගන්නා සියළු දුම්රිය හිතැති මඟීන්ගේ එකමුතුවෙන් මෙම මස 08 වන සෙනසුරාදා දින උදෑසන 9.00 සිට මරදාන දුම්රිය පරිශ්‍රය තුලදී ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව එම දින මරදාන දුම්රිය පරිශ්‍රය, මරදාන සිට දෙමටගොඩ දක්වා දුම්රිය මග දෙපස හා දුම්රිය වේදිකාවන් ආවරණය වන පරිදි මෙම ශ්‍රමදානය පැවැත්වීමට නියමිතය.

මරදාන දුම්රිය ප්‍රධාන වේදිකාව හා කැළණිවැළි මාර්ගයට ප්‍රවේශ වන පෞරාණික මගී පාලමද විසිතුරු මල් පැළ වලින් ආවරණය කරමින් අලංකරණය කිරීමක් සහ මෙයට සමගාමීව මරදාන දුම්රිය ස්ථානය නිදහස් පුස්තකාල පහසුකම් වලින් යුතු පරිශ්‍රයක් බවට පත්කිරීමද එදින සිදු වේ.

මෙම වැඩසටහන සඳහා ඔබ සැමට අප ආරාධනා කර සිටින්නෙමු…!